වෙඩි තැබීමක්

Date:

රෂිකා හෙන්නායක ජූලි 22, කොළඹ (LNW):

ඊයේ (21) රාත්‍රී 10.00ට පමණ , මිද්දෙණිය ගල්පොත්තයාය – ජුලම්පිටිය මාර්ගයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙන බව පොලිසිය පවසයි.

එහි ඉලක්කය වී තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශිය සභා අපේක්ෂකයෙක් බව පැවසේ .

ඔහු සිය වෙළෙඳසැල වසා බිරිඳ සමග යතුරුපැදියෙන් නිවාස බලා ගමන්කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර , එහිදී 42 හැවිරිදි පිරිමි පුද්ගලයාට වෙඩි වැදී ඇති අතර ඔහුගේ බිරිඳ ට තුවාල සිදුවී ඇත්තේ යතුරුපැදිය පෙරළීම හේතුවෙනි.

දෙදෙනාම ප්‍රතිකාර සඳහා මිද්දෙණිය රෝහලට ඇතුළුකර තිබේ. පසුව බිරිඳ ව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට මාරුකර යැවූ බව පොලිසිය පවසයි.

පොලීසිය පැවසුවේ ,වෙඩි තැබීම සඳහා මෙරට නිෂ්පාදිත ගිනි අවියක් යොදාගෙන ඇති අතර වෙඩික්කරු එය එම ස්ථානයේ දමා පළාගොස් ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂාව තහවුරු කරන තෙක් නිවෙස් වෙත යන්න එපා – NBRO ජනතාවගෙන් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආරක්ෂාව තහවුරු කරන තෙක් නැවත නිවෙස්වලට නොයන...

ආපදා මරණ 355ක් දක්වා වැඩි වෙයි. තවත් 366ක් අතුරුදහන්!

කොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ආපදා...

ආපදා තත්ත්වය ගැන නවතම වාර්තාව මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති වූ...

තෙල් සහ ගෑස් ගැන ඉන්නේ බයෙන්ද? මෙන්න සැබෑ තත්ත්වය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රට තුළ තෙල් හෝ ගෑස් හිඟයක් ඇති...