වෙඩි තැබීමක්

රෂිකා හෙන්නායක ජූලි 22, කොළඹ (LNW):

ඊයේ (21) රාත්‍රී 10.00ට පමණ , මිද්දෙණිය ගල්පොත්තයාය – ජුලම්පිටිය මාර්ගයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙන බව පොලිසිය පවසයි.

එහි ඉලක්කය වී තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශිය සභා අපේක්ෂකයෙක් බව පැවසේ .

ඔහු සිය වෙළෙඳසැල වසා බිරිඳ සමග යතුරුපැදියෙන් නිවාස බලා ගමන්කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර , එහිදී 42 හැවිරිදි පිරිමි පුද්ගලයාට වෙඩි වැදී ඇති අතර ඔහුගේ බිරිඳ ට තුවාල සිදුවී ඇත්තේ යතුරුපැදිය පෙරළීම හේතුවෙනි.

දෙදෙනාම ප්‍රතිකාර සඳහා මිද්දෙණිය රෝහලට ඇතුළුකර තිබේ. පසුව බිරිඳ ව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට මාරුකර යැවූ බව පොලිසිය පවසයි.

පොලීසිය පැවසුවේ ,වෙඩි තැබීම සඳහා මෙරට නිෂ්පාදිත ගිනි අවියක් යොදාගෙන ඇති අතර වෙඩික්කරු එය එම ස්ථානයේ දමා පළාගොස් ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...