වසර 18 ක් පුරා කළ ඉල්ලීම ජනපති යතාර්ථයක් කළා – සිසිර ජයකොඩි

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ (LNW):

මෙතෙක් බටහිර වෛද්‍ය ක්ෂේත්‍රයේ නිරත වෛද්‍යවරුන්ට පමණක් සීමා වී තිබූ අමතර සේවා දීමනාව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ට ද ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසයි.

වසර 18කට වැඩි කාලයක් තිස්සේ අවස්ථා ගණනාවක දී ආයුර්වේද වෛද්‍යවරුන් එම ඉල්ලීම සිදු කරමින් සිටි බව සිහිපත් කළ රාජ්‍ය අමාත්‍යවරයා එම ඉල්ලීම යතාර්ථයක් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත්වීම සම්බන්ධයෙන් ස්තුති කරන බවයි සඳහන් කළේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ,

මේ වන විට ජාත්‍යන්තර මට්ටමින් ඇතිව තිබෙන විවිධ ගැටුම්කාරී තත්ත්වයන් හමුවේ ආර්ථික අස්ථාවරත්වයක් නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ හමුවේ ස්ථාවර රටක් නිර්මාණය කල හැකි වන්නේ ස්ථාවර ආර්ථික ක්‍රමයක් නිර්මාණය කර ගැනීමෙන් පමණක් බව සියලු දෙනාම සිහිතබා ගත යුතුයි. ජාතික ආරක්ෂාව ඇති කිරීමට නම් රට මෙන්ම ආර්ථිකය ද ස්ථාවර විය යුතුයි.

ඒ නිසා ජනතාව තම දරුවන්ගේ සහ රටේ අනාගතය පිළිබඳ සිතා රටක් ලෙස ජයග්‍රහණය කිරීම වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතු බව ද සඳහන් කළ යුතුයි.

බටහිර වෛද්‍ය ක්ෂේත්‍රයේ නිරත වෛද්‍යවරුන්ට පමණක් සීමා වී තිබූ අමතර සේවා දීමනාව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ට ද ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. වසර 18කට වැඩි කාලයක් තිස්සේ අවස්ථා ගණනාවක දී ආයුර්වේද වෛද්‍යවරුන් මෙම ඉල්ලීම ඉදිරිපත් කරමින් සිටියා. ඉතිං එම ඉල්ලීම යතාර්ථයක් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත්වීම සම්බන්ධයෙන් එතුමාට විශේෂ ස්තුතිය පුදකළ යුතුයි.

මෙම දීමනාව මුදල් අමාත්‍යාංශයට වැය බරක් නොවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කරන ලද මුදලින්ම ආවරණය වන පරිදි ලබාදීම සිදු වනවා. මෙය රජයේ ආයුර්වේද වෛද්‍යවරුන් ලද ජයග්‍රහණයක් බව සඳහන් කළ හැකියි.

ඒ වගේම පසුගිය ජූලි 31 වනදා වන විට පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචිය සඳහා නැවත අයදුම්පත්‍ර කැඳවීම සිදුකළා. ඊට අදාළ අයඳුම්පත්‍ර 712ක් ලැබී තිබෙනවා. මේ අතර පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචිය අත්හිටුවා ඇති බවට විවිධ කටකතා පැතිර යනවා. නමුත් ඔවුන්ගේ විභාගය ඉදිරි සති කිහිපය තුළ පැවැත්වීමට අදාළ සියළු කටයුතු මේ වන විට සැළසුම් කර ඇති බව සඳහන් කළ යුතුයි” ‍

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටාෂියා – ඇමෙරිකාව දිනූ පදක්කම් තුනෙන් දෙකකම ලාංකේය සුවඳ තවරයි

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: පෑන් ඇමෙරිකානු යොවුන් තරගාවලිය පැරගුවේ...

ක්‍රීඩා අමාත්‍යංශයට අවදි වෙනවානම් කෙන් හාර්ඩ්න්ගේ මේ අදහස් මරු

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: මේ සටහන සමාජ මාධ්‍ය හරහා...

සිම්බාබ්වේට මුහුණ දෙන එක්දින කණ්ඩායම පිටත්ව යයි

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW: එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක්...

සොබාදහම වෙනස් ඇහැකින් දකින්නවුන් වෙනුවෙන් “Edition Hope”!

සටහන – පුලී අගෝස්තු 23, කොළඹ (LNW): පසුගිය වසර පහ...