අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් තංගල්ලේ කාල්ටන් නිවස ඉදිරිපිට ජනතාව විසින් පවත්වමින් තිබුණු විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
මුලින්ම කොළඹ – කතරගම මාර්ගය අවහිර කරමින් පොලිසිය විරෝධතාකරුවන්ගේ ගමන පාලනය කිරීමට උත්සාහ කළත් පළමු මාර්ග බාධකය බිඳ හෙළමින් ජනතාව ඉදිරියට ගොස් තිබුණු අතර ඔවුන් කාල්ටන් නිවස පිහිටි පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී මෙම කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්.
කෙසේවෙතත් ජනතාව තවමත් තංගල්ල නගරයේ තැනින් තැන රැඳී සිටිමින් විරෝධතා දක්වන බවත් කාල්ටන් නිවසේ ආරක්ෂාව සඳහා අතිරේක භට පිරිස් කැඳවා ඇති බවත් වාර්තා විය.
RN