වැසි තත්වයේ අඩුවීමක් – අද (05) කාලගුණය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (05) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 06 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. ඒ අනුව අද (05) දහවල් 12:08 ට අහුන්ගල්ල, නෙළුව සහ යාල ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් ගොඩයන්න පුළුවන්. ආණ්ඩුවට මුදල් තියෙනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා තවත් රුපියල්...

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ගලා ගිය කඳුළු මිහිදන් වූ හැටි…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිඩ්නිහි බොන්ඩි වෙරළ...

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන 5,000 ක ආපදා ආධාර රැගෙන දිවයිනට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) අලුයම...