10 වැනි ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් විශිෂ්ඨ මානුෂීය මෙහෙවරක්!

Date:

යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් එච් එල් වී එම් ලියනගේ, ආර්ඩබ්ලිව්පී ආර් එස් පී එන් ඩී යූ තුමාගේ සංකල්පයකට අනුව අරමුණින් මේජර් ජෙනරාල් ටී එම් පී පීරිස් , ආර් ඩබ්ලිව් පී ආර් එස් පී මග පෙන්වීම යටතේ 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරි මුදලි ආර් එස් පී එන් ඩීසීපීඑස්සී අධීක්ෂණය යටතේ 561 පාබල බලසේනාවේ බල සේනාධිපති බ්‍රිගේඩියර් බීඩී ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමාගේ මූලිකත්වයෙන් 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණ දෙන නිලධාරී ලුතිනන් කර්නල් කේඒකේ හේවාපාතගේ ආර්ඩබ්ලිව්පී ආර් එස් පී යූ එස්පී මෙහෙය වීමෙන් එම ඒකක හා බට පිරිස්හි ශ්‍රමදායකත්වයෙන් හා අවසන් අදියරේදී පරන්තන් ප්‍රදේශයේ කුලේන්ද්‍රන් රවි මහතාගේ ධන පරිත්‍යාගයෙන් මෙම නිවස ඉදිකරන ලදී.

මෙම නිවස මුලතිව් දිස්ත්‍රික්කයේ කොල්ලවිලාන්කුලම් ග්‍රාම නිලධාරී වසමේ පදිංචි කුගදාසන් සදීපන් හා ඔහුගේ පවුලේ අය වෙත 2024.09.06 දින සුභ මොහොතින් 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරි මුදලි ආර් එස් පී එන් ඩී සී පී එස් සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාන් විසින් සෞභාග්‍යමත් අනාගතයකට ආසිරි පතමින් උත්කර්ෂවත් ලෙස විවෘත කොට ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට 561 පාබලසේනාවේ බල සේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/ සෙසු නිලයින් ඇතුළුව, පාලි නගර් ජාතික විද්‍යාලයේ විදුහල්පති ශ්‍රී කමලනාදන් මහතා ඇතුළු ප්‍රජා සාමාජිකයින් සහ ප්‍රදේශයේ සම්භාවනීය අමුත්තන් සහභාගි වන ලදී.



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...