ජපානයේ මීළඟ අගමැති කවුද?

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වත්මන් අගමැති ෆුමියෝ කිෂිඩා, සැප්තැම්බර් 27 වන දින සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකශ කිරීමත් සමඟ ජපානයේ පාලක පක්ෂය නව නායකයෙකු අග්‍රාමාත්‍යවරයා බවට පත් කිරීමට පෙර දින 10 ක් ඉතිරිව තිබියදී තරඟය වඩාත් තීරණාත්මකව ඇත.

ඒ අනුව, ඉහලින්ම සිටින තරඟ කරනුවන් අතර Shigeru Ishiba,Shinjiro Koizumi හා වත්මන් ආරක්ෂක ඇමති Sanae Takaichi ප්‍රධාන වේ.

ජපානයේ Kyodo ප්‍රවෘත්ති ඒජන්සිය විසින් කරන ලද මත විමසුමකට අනුව, පාලක ඩිමොක්‍රටික් පක්ෂයේ 63 හැවිරිදි Sanae Takaichi LDP ආධාරකරුවන්ගෙන් 27.7%ක ප්‍රතිශතයක් ලබා තිබු අතර අනෙකුත් තරඟ කරුවන් අතර Ishiba ට 23.7% සහ Koizumi ට 19.1% ක සහය ලබාගෙන ඇත. TV Tokyo විසින් කලින් කල මත විමසුමකින් ද shiba සඳහා 26%ක සහය ලබාදී ඇති අතර ලැබුණු මත විමසුමෙන් පෙන්නුම් කරන්නේ නායකත්ව ඡන්දය තීරණාත්මක දෙවන වටයකට යාමට සිදුවන බවයි.


ජපානයේ පාර්ලිමේන්තු ක්‍රමය යටතේ, පාලක ඩිමොක්‍රටික් පක්ෂයේ(LDP) හි නීති සම්පාදකයින් 367 දෙනෙකුම පළමු වටයේදී ඡන්දය ප්‍රකාශ කරනු ඇත. ඉන් අනතුරුව පළමු වටයේදී එක් අපේක්ෂකයෙකු සරල බහුතරයක් ලබා ගන්නේ නම්, ඔහු හෝ ඇය පක්ෂ නායකයා වනු ඇත. එසේ නොවන අවස්ථාවක වැඩිම ඡන්ද ලබා ගත් අපේක්ෂකයින් දෙදෙනා දෙවන වටයකට තරඟ කරනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...