තානාපති කාර්යාල නඩත්තුවටවත් ඩොලර් නෑ ! තානාපති කාර්යාල 03 ක් වසා දමයි !

Date:

ඩොලර් අර්බුදය රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහාද බලපාන තත්වයක් නිර්මාණය වී තිබේ. මේ නිසා රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා යොදවන මුදල් අවම කිරීමටයි විදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ් අනුව නයිජීරියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හා ජර්මනිය, සයිප්‍රසය යන රටවල ශ්‍රී ලංකා කොන්සල් කාර්යාල තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. මෙම තීරණය දෙසැම්බර් 31 වැනිදා සිට බලපැවැත්වෙනු ඇත. මෙම කාර්යාල වසාදැමීමෙන් පසුව ඊට ආසන්න රටවල පිහිටි තානාපති කාර්යාල හා කොන්සියුලර් කාර්යාල හරහා තානාපති සබඳතා ක්‍රියාත්මක වනු ඇත.

මීට අමතරව තවත් තානාපති කාර්යාල සහ කොන්සියුලර් කාර්යාල කිහිපයක් ඉදිරියේදී වසා දැමීමට සිදුවනු ඇති බවද වාර්තා වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැංගිලා හිටපු තුසිත හල්ලොලුව අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු...

ජාතික සතොස සහල් – ඇමති වසන්තගෙන් අලුත් වැඩක් !

සටහන - රුවන් නෙළුගොල්ල "ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම්...

අරුණ පත්තරේ නිරෝෂා වාසල CIDයට කැඳවයි !

"අරුණ" පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

බහරේන් යන යොවුන් කණ්ඩායමට තහනම් අඩවි පෙන්නා දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව...