පොහොට්ටුවෙන් ගිය කණ්ඩායම සිලින්ඩරයෙන් එන්න තීරණය කරයි.පුංචි ජන්දෙට වෙනසක්!

Date:

කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වූ කණ්ඩායම මෙවර මහ මැතිවරණයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගෑස් සිලින්ඩරය ලකුණින් ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.

හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් පිහිටුවා තිබෙන පොදුජන එක්සත් නිදහස් සන්ධානය ලෙස ඔවුන් මහ මැතිවරණයට ඉදිරිපත්වන බවයි හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පළාත් පාලන හා පළාත් සභා මැතිවරණයට නව සන්ධානය සමඟ කුසලානය ලකුණින් ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බවද විජේසේකර මහතා කියාසිටියි.

ඒ අනුව මෙවර මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරයේ ලකුණින් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සහය ලබාදෙන ලෙස බහුතර ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

නාමයෝජනා භාරදීමෙන් අනතුරුව මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමටද සූදානමින් සිටින බවයි ඔහු පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...