ආසියාව ඉන්දියාවේදී ලංකාව වීම

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 17, (LNW) කොළඹ :

අපි ලංකාවේ නිතරම කතා කරන්නේ නීතියේ ආධිපත්‍යය දැරීමේ වගකීම්වල හිස්තැන් ඇති බවය.ඒවා හිස් වන තරමට කඩතොළු වන්නේ ද එම වගකීම් දරන අය අතින්ය.ලංකාවේ ක්‍රීඩාවේ මේ තත්ත්වය දරුණුය.ඉතාම සූක්ෂම ලෙස දේශපාලන බලධාරීන් ක්‍රීඩාව සූරා කන තත්ත්වයට සහ ඒවා තමන්ගේ න්‍යාය පත්‍රයට හකුළුවා ගන්නට හදන තත්ත්වයට සමානවම නිලධාරීන් ද ඉතාම සූක්ෂම ලෙස දේශපාලකයන් ද නොමඟ යවන්නට සමත්කම් පාති.

මේ තිබෙන්නේ අද ඉන්දියාවේදි ඇරඹෙන ආසියානු නෙට්බෝල් සූරතාවලියට සහභාගි වීමට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවෙන් ඉතා උණුසුම් අයුරෙන් පිළිගත් අයුරුය.නෙට්බෝල් පරිපාලනයක් මේ වන විට නැත.නිලවරණය පවත්වා නිසි පරිදි නිල මඩුල්ලක් පත් කළ යුතු වුව ද,ඒ සම්බන්ධයෙන් නිිසි පරිදි කටයුතු සිද්ධ වුණේ නැත.ඒ වෙනුවට නිසි පරිදි කටයුතු නොකිරීම,විසුරුවා හැර එම බලතල ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට පැවරීම යන සියලු කාරණාවලට හිටපු පරිපාලනය මැදිහත් කර නොගෙන ස්වාධීනව නිලවරණය පැවත්වීමට පියවර ගත යුතුව තිබිණ.එහෙත් සිඳු වූයේ දී කිරි බලල්ලු ළඟටම ලං කිරීමය.කට ළඟම තබා තිබෙන හට්ටියට කට එබීමෙන් වැළකී සිටින්නට තරම් බලල්ලුන්ට විනයක් නැත.


දැන් නිලවරණය නැත.බලය අධ්‍යක්ෂ ජෙනරාල්ටය.එහෙත් ඔහු යටතේ වගකීමක් හිටපු සභාපතිටය.ඒ සභාපති ආසියාවේ ද සභාපතිය.ඒත් මතුපිටින්ම අමාත්‍යවරිය ද සභාපතිණයක් නැති විසුුරුවන ලද සංගමයක් බව දන්න නිසා ඇය කණ්ඩායම් පොටෝවට අසුන් ගැන් වූවේ ආසියානු සභාපති හැටියටය.
එහෙත රටින් පිටට පා තැබූ තැන ඇයගේ පෙනී සිටීමේ ස්වරූපය මතු වන්නේය.ඉන්දියාව ඇයව පිළිගන්නේ ශ්‍රී ලංකාවේ නියෝජිතත්වය පදනම් කර ගෙනය.ශ්‍රී ලංකාව වෙනුවෙන් නෙට්බෝල් පරිපාලනයක් නොමැති තැනක මේ පිළිගැනීම සහ පෙනී සිටීමට ඉඩ නොදී මම ආසියානු සභාපතිණිය පමණක් වැවි කියා ඉවත් විය යුතුව තිබුණ ද,මේ ඡායාරූපය සහ එහි පළ කිරීමෙන් අදහස් වන දේ තේරුම් ගැනීමට හැකි වුණත්,අත්‍යශ්‍යය විනය කාරණා නොසළකා හැරි ඡන්දය තෙක් කල් දැමීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බව ඔවුන්ගේ නිහඬතාවය පැහැදිළි කරන්නේය.එහෙත් වරදකට හුස්ම ගෙන ජීවත් වෙන්නට දෙන තත්ත්පරයක් ගාණේ එම වරද දැඩිය බිඳිය නොහැකි තරමට වර්ධනය වේ.


දැන් දී කිරට බලල්ලුන්ගෙන් සාක්ෂි අසනවාට වඩා කල්පනාවෙන් බැලුවොත් පුහුල් හොරා කරෙන් දැනෙන කතාව වැදගත් වනු ඇත.අපි කණ්ඩායමට සුබ පතමින් සූරතාවය රැක ගන්නට ආශිර්වාද කරමින් අවුල් වියවුල් නැති පරිපාලනයක් පත් කර ගන්නට නිලධාරීන් බලධාරින් කටයුතු කළ යුතු බව පවසන්නෙමු.ඒ පත්වන්නේ ලක්ෂ්මි වික්ටෝරියා සහ එම කණ්ඩායමම වුව කම් නැත.නිවැරදිව නිසි ලෙස එම පත් කර ගැනීමට නෙට්බෝල් නියෝජනය කරන ක්‍රීඩා සමාජවලට ඉඩ දීම වැදගත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...