හැටන් ආදායම් පරික්ෂකවරියගේ රාජකාරියට බාධාකල ව්‍යාපාරිකයෙකුට වැඩ වරදී!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20,කොළඹ (LNW):

හැටන් නගරයේ ව්‍යාපාරිකයෙකු, හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරික්ෂකවරියගේ රාජකාරියට බාධා කරමින් මාර්ගය හරස් කර නගර සභාවේ වාහනයට පහර දුන් ඊයේ දින පස්වරුවේ හැටන් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ, සැකකාර ව්‍යාපාරිකයා හැටන් නගරයේ පදික වේදිකාව අවහිර වන සේ එලවළු වෙලදාම සිදු කිරිම නිසා පදික වේදිකාවේ පදිකයින්ට ගමන් කිරිමට නොහැකි බව පවසමින් පදිකයින් පිරිසක් හැටන් දික්ඔය නගර සභාව වෙත කරන ලද පැමිණිල්ලක් මත එය ඉවත් කිරිමට ගිය නගර සභාවේ අදායම් පරික්ෂකවරියට බැන වැද ඇයගේ රාජකාරියට බාධා කර ඇති බවයි .

අදායම් පරික්ෂකවරියගේ සහයට නගර සභාවේ රජයේ වාහන වලින් එම ස්ථානයට ගිය සේවකයින් පිරිසකටද සැකකාර ව්‍යාපාරිකයා පහර දිමට තැත්කර එම සේවකයින් පිරිසට බැන වැද නගර සභාවේ වාහනවලට පහර දුන් බව පවසමින් හැටන් පොලිසිය වෙත පැමිණිලි පහක් සිදු කර තිබුණු බව පැවසේ.

සැකකාර ව්‍යාපාරිකයා මින් ඉහත අවස්තා කිහිපයකදි මෙවැනි කලහකාරි සිදුවිම් කිහිපයක් සම්බන්ධයෙන් හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත මුදා හැර ඇති පුද්ගලයෙක් බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...