ලොහාන්ගේ පුද්ගලික ලේකම්වරයෙක් වෙඩි වැදීමෙන් මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ පුද්ගලික ලේකම්වරයකු ලෙස කටයුතු කළ අයෙකු වෙඩි වැදීමෙන් මරණයට පත්ව තිබේ.

මහයියාව ප්‍රදේශයේදී වෙඩි වැදී සිටි ඔහුව මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අද (20) මරණයට පත්ව ඇත.

මෙසේ මියගොස් ඇත්තේ කටුගස්තොට වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයෙකි.

ඔහුගේ සිරුර අසල තිබී ගිනිඅවියක් ද හමුවී ඇති අතර මෙය සියදිවි හානිකර ගැනීමක්ද, ඝාතනයක්ද යන්න තවමත් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...