අලුතින්ම වැටුණු නඩුව ගැන රංජන් රාමනායක කියන කතාව

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තමන්ගේ මහමැතිවරණ අපේක්ෂත්වය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ සානුකම්පිතව සහ සාධාරණව සලකා බලා තීන්දුවක් දෙනු ඇතැයි තමන් සිතන බව රංජන් රාමනායක මහතා පවසයි.

“මම හිතනවා ශ්‍රේෂ්ඨාධිකරණය මගේ ප්‍රශ්නය ගැන බොහොම සානුකම්පිතව සහ සාධාරණව සිතලා බලලා මට තීන්දුවක් දෙයි කියලා. මම දන්න විදියට මම මේ ඡන්දය ඉල්ලන්න සුදුසුයි කියලා මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරයා ඇතුළු මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දුරකථනයෙන් මම ගත්තාම ඒ අය කිව්වෙ මගේ ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කරන්නට අයිතියක් නැහැ කියලා මට ඒක ලබාදුන්නා. මම දන්න විදියට මට සිවිල් අයිතිවාසිකම් තියෙනවා. මට කොච්චිකඩේ මගේ මස්සිනාගේ නිවසට ඡන්ද කාඩ් එක ඇවිල්ලා තියෙනවා. නමුත් ඡන්දෙ දාන්න මට ඉන්න හම්බුණෙ නෑ මම කොරියාවේ ෂෝ එකක හිටියෙ. මම හිතනවා මම වැනි පුද්ගලයෙක් ක්‍රියාකාරී දේශපාලනයේ නියැළෙන එකට කවුරුත් අකුල් හෙළන එකක් නැහැ කියලා. නමුත් අකුල් හෙළන්නෙම මට මේ මොහොතේ දේශපාලන පොර පිටියේ ඉන්න අනෙක් ප්‍රබල පක්ෂ කියන එක පැහැදිලිව කියන්න ඕනෙ”

රංජන් රාමනායක මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

“එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ” පක්ෂය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර මහමැතිවරණයට ඉදිරිපත්ව සිටින ඔහු අපේක්ෂකත්වයට නුසුදුසු බව පවසමින්, ඔහුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්වේගී මාර්ග පද්ධතියේ ගමන් ගන්නා අයට දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : නැවතත්, අධ්වේගී ...

තවත් ද්විත්ත්ව ඝාතනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW: නොරොච්චෝලේ පොලිස් වසමේ නාවක්කාඩුව...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක් තද වැසි – අද (04) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 04) දිනයේදී උතුරු, උතුරු-මැද,...

පැලවත්තෙන් බලය ඉවත්කර යළි පාර්ලිමේන්තුවට බලය ලබාගත යුතුයි – අර්බුදයෙන් ගොඩ එන හැටි රනිල් පියවරෙන් පියවර කියයි

පාර්ලිමේන්තුව නොතකා ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත මූලස්ථානය විසින් රාජ්‍ය...