රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ (LNW):
IMF තුළින් ශ්‍රී ලංකාව ඉවත් විය යුතු බව ජන අරගල සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක වසන්ත මුදලිගේ පවසයි.
අරගලය සමයේදී දියවන්නාවෙන් පිටත නිර්මාණය වූ මහජන බලය පාර්ලිමේන්තුව තුළ නියෝජනය කිරීම සඳහා ජන අරගල සන්ධානය මෙවර මහ මැතිවරණයට තරග කරන බව පවසන ඔහු , බුද්ධාගම හෝ වෙනත් කිසිදු ආගමක් ප්රමුඛ විය යුතු නැති බවද කියා සිටී.
තවද, අරගලයේදී ගොඩනැගුණු ජනතා බලය රැක ගැනීමට සංවිධානාත්මක ව්‍යුහයක් නොපැවති බවත්, පාර්ලිමේන්තුවේ විපක්ෂය වෙනස් කිරීමෙන් ජනතා අපේක්ෂාවන් නියෝජනය කිරීමට උත්සහ කරන බවත් මාධ්‍ය සංවාදයකදී වසන්ත මුදලිගේ ප්‍රකාශ කළේ ය.