අවසානය තෙක් සටන් කරන ලෙස ඉම්රාන් ඛාන් සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන් අවසානය තෙක් සටන් කරන ලෙස සිය පාක්ෂිකයන්ගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා ඊයේ(26)දිනයේදී පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ ආධාරකරුවන් නගරයේ අගුලුලාම නොතකා 50,000කට අධික පිරිසක් ඉස්ලාමාබාද් අගනුවරට රැස්වීමත් සමඟ රජයේ හමුදාව ඔවුන් දැඩිව මර්ධනය කිරීමත්, රජය සාකච්චා ලබා දීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඉම්රාන් ඛාන් මේ සම්බන්ධයෙන් මෙලෙස සඳහන් කර තිබේ.

සමාජ මාධ්‍යවල සටහනක් තබමින්, ඛාන් විරෝධතාකරුවන්ට ප්‍රකාශ කර තිබුණේ, සාමකාමීව හා එක්සත්ව සිටින ලෙසත් ඔවුන්ගේ අරගලය පකිස්ථානයේ නොනැසී පැවැත්ම හා නිදහස වෙනුවෙන් වන බවත්ය.

PTI ආධාරකරුවන් සිය ගණනක් අඟහරුවාදා උදෑසන ඉස්ලාමාබාද්හි ඉතා ශක්තිමත් රතු කලාපයේ පිහිටි D-Chowk වෙත ළඟා වූ අතර එහි ප්‍රධාන රජයේ කාර්යාල පිහිටා තිබේ. මෙම පිරිස පලවා හැරීමට කඳුළුගෑස් හා සජීවී ගිනි අවි භාවිතා කළ බවට හමුදාවට චෝදනා එල්ල වී ඇති අතර PTI ආධාරකරුවන් හා හමුදාව අතර ගැටීමෙන් හමුදා නිලධාරීන් 5 දෙනෙකු හා සිවිල් වැසියන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපන් තේ ලෝලීන්ට Ceylon Ice Tea රස හඳුන්වා දෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින අඛණ්ඩ සංස්කෘතික...

මිලියන 202කට අධික කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:රුපියල් මිලියන 202 කට අධික වටිනාකමකින් යුත් කේරළ...

හරක් කටාගේ නඩුවක් විභාගයට දින!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : නදුන් චින්තක...

කඳානේ වෙඩිතැබීම : හිටපු ඇමති මංගලගේ පුද්ගලික ලේකම්ට තුවාල. මිතුරා මරුට !

අද (03) උදෑසන කඳාන පොදු වෙළඳපොල අසලදී සිදුවූ වෙඩිතැබීමෙන්...