ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පදවි ප්‍රාප්ති උත්සවය සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් ට ආරාධනා කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එළඹෙන ජනවාරි මස පැවැත්වීමට නියමිත සිය පදවි ප්‍රාප්තියේ සමාරම්භක උත්සවයට සහභාගී වන ලෙස චීන ජනාධිපති ෂී ජින්පිංට ආරාධනා කර ඇති බව වාර්තා වේ.

කොතෙකුත් ලෝක නායකයන් සිටියදී මෙලෙස චීන ජනාධිපතිවරයාට ආරාධනා කිරීම මේ වන විට ලෝකයේම අවධානයට ලක්ව ඇති අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලනික විශේෂඥයන් සඳහන් කරන්නේ, රටවල් දෙක අතර දශක ගණනාවක් තිස්සේ පවතින නොසන්සුන්තාව හමුවේ චීන නායකයෙකු එක්සත් ජනපද ජනාධිපති පදවි ප්‍රාප්ති උත්සවයකට සහභාගී වීම පෙර නොවූ විරූ දෙයක් වනු ඇති බවයි.

ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ, 2017 සිට 2021 දක්වා, ඔහු චීනය සමඟ වෙළඳ යුද්ධයක් ආරම්භ කළ අතර එමඟින් දෙරට එකිනෙකාගේ ආනයන සඳහා තීරුබදු පැනවීය. 2019 දී එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධන සංවිධානය විසින් දෙරට අතර ආර්ථික යුද්ධය තීරුබදු පිරිවැය බොහෝ විට පාරිභෝගිකයන් මත හිලව් කරන බවට අනතුරු ඇඟවූ අතර COVID-19 වසංගතය අතරතුර ට්‍රම්ප් මෙය චීන වෛරසයක් බවත්, එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් චීනය වගකිව යුතු යැයි සඳහන් කළේය.

ඉන් අනතුරුව දෙවන ධුර කාලයක් වෙනුවෙන් බලයට පත්ව ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් මේවන විට ෆෙන්ටැනයිල් නමැති කෘත්‍රිම මත්ද්‍රව්‍ය වෙළෙඳාම මැඩලීමට චීනය පියවර නොගන්නේ නම් චීනයේ ආනයනික භාණ්ඩ සඳහා සියයට 10ක අමතර තීරුබදුවක් පැනවීමට දැනටමත් ප්‍රසිද්ධ කර ඇත. ඒ අනුව, මෙවැනි තත්වයක් තුළ ෂී ආරාධනය පිළිගැනීමට ඉඩක් නොමැති බවයි ප්‍රවීනයන් සඳහන් කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...