මහනුවර නගරය අනවසර වීදි වෙළඳාමෙන් තොර කලාපයක් බවට පත් කිරිමට සැලසුම්!

Date:

කොළඹ LNW:අනවසර වීදි වෙළඳාමෙන් තොරව මහජනයාට අවහිරතාවක් නොමැතිව ගමන් කළ හැකි නගරයක් බවට මහනුවර පත් කිරීමේ යෝජනාවක් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ඒකමතිකව තීරණය විය.

ඒ අනුව දැනට අනවසර වීදි වෙළඳාමේ නිරතවන පිරිස් ගණනය කිරීමක් සිදුකරන ලෙස එම සම්බන්ධීකරණ කමිටුවේ සභාපති අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා පළාත් පාලන කොමසාරිස්වරියට එහිදී උපදෙස් දුන්නේය.

දැනට වීදි වෙළඳාමේ නිරතවන පුද්ගලයන්ගේ රැකියා අහිමි නොවන ලෙසත් මහජනයාට ආරක්ෂාකාරීව බාධාවකින් තොරව ගමන් කිරීමට හැකි නගරයක් බවට මහනුවර පත් කළ යුතු බවට එහිදී සාකච්ඡා කෙරිණි.

ඒ අනුව මහනුවර නගරයේ දැනට වීදි වෙළදාමේ නිරතවන පිරිස් සම්බන්ධ ලේඛණයක් සකස් කිරිමටත් මහනුවර බහුවිධි මාදිලි ප්‍රවාහන පර්යන්තය ඉදිකිරීමෙන් පසු ඔවුන්ට ස්ථිර ව්‍යාපාරික ස්ථාන ලබාදිමටත් එහිදී සාකච්ඡා විය.

ඉන් පසු මහනුවර නගරයේ කිසිදු අනවසර වෙළදාමක් සිදු නොවිය යුතු බවත් ව්‍යාපාරික ස්ථාන හිමි පුද්ගලයන් සිය ව්‍යාපාරික ආයතන කුළියට ලබාදී යළී යළිත් වීදි වෙළදාමට නිරතවීම අධීක්ෂණය කරන ලෙස ද අමාත්‍යවරයා මහනුවර මහ නගර සභාව ඇතුලු මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට එහිදී උපදෙස් දුන්නේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...