යොවුන් ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරගයට

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම අද සමත් විය. ඒ, අවසන් පූර්ව තරගයේදී පකිස්තානු යොවුන් කණ්ඩායම පරාජයට පත් කරමිනි.

ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද ආරම්භ වූ අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පන්දුවාර 44.5 කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 147 ක් පමණි. ලකුණු 70 කට කඩුලු 08 ක් බිඳවැටී අසරණ තත්වයට පත්ව සිටි කණ්ඩායමට අස්වැසිල්ලක් ගෙනදීමට යසිරු රොඩ්‍රිගෝ සහ මතීෂ පතිරණ සමත් විය. ඔවුන් දෙදෙනා අතර 09 වැනි කඩුල්ලේ සබඳතාවය 47 ක් විය. ඉන්පසු 10 වැනි කඩුල්ල සඳහා ලකුණු 30 ක සබඳතාවයක් ක්‍රියාත්මක විය.

යසිරු රොඩ්‍රිගෝ සහ මතීෂ පතිරණ ලකුණු 31 බැගින් ලබාගත් අතර සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 15 සීමාව පසුකර යාමට නොහැකි විය.

පන්දු යැවීමේදී පකිස්තානු කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා වූ සීෂාන් සමීර් ලකුණු 32 ට කඩුලු 04 ක් බිඳහෙළූ අතර අහමඩ් ඛාන් සහ අවයිස් අලි කඩුලු 02 බැගින් බිද හෙළූහ.

ලකුණු 148 ක පහසු ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි පකිස්තානු යොවුන් පිතිකරුවන් සියලුදෙනා ලකුණු 125 ක් තුළදී දවා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවසන් තරගයේ සිය කණ්ඩායමේ ස්ථානය තහවුරු කළේය. පකිස්තානු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අහමඩ් ඛාන් ලකුණු 36 ක් සහ මොහමඩ් ෂෙහ්සාඩ් ලකුණු 30 ක් වාර්තා කළේය.

පන්දුවෙන් සාර්ථක වූ ට්‍රෙවීන් මැතිව් සිය පන්දුවාර 10 අවසන් කළේ ලකුණු 14 කට කඩුලු 04 ක් දවා ගනිමිනි. ඔහුට මනා සහයෝගයක් දැක්වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 31 ට කඩුලු 03 ක් බිඳ හෙළීය.

අනෙක් අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශය හමුවේ ඉන්දියාව ලකුණු 103 ක ජයග්‍රහණයක් වාර්තා කළේය.

තරගාවලියේ අවසන් තරගය හෙට ඩුබායි ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රවීණයකුගේ නික්ම යෑම…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : මෙරට සිනමා ක්ෂේත්‍රයට...

ගල් අඟුරු සිද්ධියෙන් දුෂණයට පාර කපලා – මරික්කාර්ගෙන් ආණ්ඩුවට චෝදනා

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීමේ...

බංග්ලාදේශ මැතිවරණය: හමුදාව තවමත් තිරය පිටුපස බලවේගයක්ද?

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ ඉදිරි...

විවිධාකාරයේ රූප මවන වීදි සිත්තම්!

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): වීදි කලාව නිරන්තරයෙන්...