NMRA අක්‍රමිකතා ගැන සොයන්න CIDට භාරකිරීමට සැලසුම්!

Date:

කොළඹ LNW:ජාතික ඖෂධ නියාමන අධිකාරිය තුළ සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ වන විට අභ්‍යන්තර පරීක්ෂණ ක්‍රියාත්මක අතර එම පරීක්ෂණ වාර්තා පදනම්ව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකරන බව සෞඛ්‍ය හා ජනමධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වර්තමාන තත්ත්වය හා සිදුව ඇති බවට වාර්තා පළවූ අක්‍රමිකතා ගැන ගත් ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳ සභාව දැනුවත් කරන ලෙස නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය විසින් අද (07) පාර්ලිමේන්තුවේදී නගන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

”ජාතික ඖෂධ නියාමන අධිකාරිය සම්බන්ධ බරපතල ප්‍රශ්න ප්‍රමාණයක් තිබුණා. තාක්ෂණික ක්‍රමවේදයක් හදුන්වා දෙන්න ගිහිනුත් අසාර්ථක වුණා. ඒක ඇතුළෙත් වංචාවන් සිද්ධ වුණා. ඒක ඇතුලේ ෆයිල් ගොඩගැහෙනවා. අපි ආණ්ඩුව ගන්නකොට ෆයිල් 2100ක් තිබුණා. අපි දැන් සැලකිය යුතු මට්ටමකට අඩුකරගෙන තිබෙනවා.1200ක් ක්ලියර් කරලා තියෙන්නේ. තවදුරටත් 900ක් තියෙනවා පහුගිය මැයි 31 වැනිදා වෙනකොට NMRA එකට රෙජිස්ට්‍රේෂන් සඳහා භාර දීපු. ඉදිරි මාස තුන ඇතුළත මේ ක්‍රියාවලිය විධිමත් කරලා අලුතෙන් ලියාපදිංචිය ඉල්ලුම්කරන ලද සහ යළි ලියාපදිංචියට ඉදිරිපත්කරන ලද ඖෂධවලට ලියාපදිංචිය දීම සඳහා කටයුතු වේගවත් කරනවා. වේගවත් කරනවා කියන්නේ කථානායකතුමනි,නොසැලකිල්ලෙන් කටයුතු කරනවා කියන එක නෙවෙයි. මේ සියලු සාම්පල් චෙක්කරල අවශ්‍ය මැදිහත්වීම් කරමින් තමයි වේගවත් කරන්නේ. ඒ නිසා මාර්තු මාසය වෙද්දී ක්ලියර් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේක ඇතුලේ සිදුවෙලා තියෙන අක්‍රමිකතා සම්බන්ධයෙන්, පහුගිය කොවිඩ් සමයේදී ලියාපදිංචි නොකරන ලද සමාගම් විසින් කරන ලද වංචා ගණනාවක් තියෙනවා. ඒ ගැන පරීක්ෂණ ආරම්භ කරලා තියෙන්නේ. අභ්‍යන්තර පරීක්ෂණවලින් පස්සේ ඒ මත පදනම් වෙලා විමර්ශන පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකිරීමට බලාපොරොත්තු වෙනවා.”යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...