පෞද්ගලික බස් සංගමයෙන් ආණ්ඩුවට රතු එළි!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ (LNW):

පෞද්ගලික බස් රියදුරන් හෙට (8) මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව සිය ධාවන කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටී.

ඒ මහතා එහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේ, ඊට පෙර අදාළ බලධාරින් සමඟ සාකච්ඡාවක් ලබා දෙන ලෙසටයි.

සභාපතිවරයා පෙන්වා දෙන්නේ, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොලිසිය විසින් සිදු කරන ලබන ක්‍රියා හේතුවෙන් බස් රියදුරන සහ කොන්දොස්තරවරුන් දැඩි පීඩාවකට පත්ව සිටින බවයි.

“රියදුරෝ කියලා තියෙනවා බදාදා බස් ධාවනයෙන් ඉවත් වෙනවා කියන එක. හැබැයි, අද, හෙට, අනිද්දා කියලා කාලය තියෙනවා. අපි සාකච්ඡා කරන්න ලෑස්තියි. මං හිතන්නේ ගැමුණුත් කිව්වා, සාකච්ඡාවක් අවශ්‍යයි කියන එක. ඇත්තමට අපේ රියදුරෝ බොහෝම අපහසුතාවයකට පත් වෙනවා. ධාවනය කරන්න බැහැ කියන කතාව තමා කියන්නේ. ඒකට විසඳුමක් හොයාගන්න එක තමයි හරි පිළිතුර. බස් වර්ජනයක් වුණොතින්, රජයටත් අපහසුතාවකට පත් වෙන්න සිද්ධ වෙනවා.” ලෙස කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...