අදානිගේ සුළං විදුලි ව්‍යාපෘතිය අවලංගු කළ කතා බොරු. රජය එහෙම තීන්දුවක් අරගෙන නැහැ – කැබිනට් ප්‍රකාශක

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් මන්නාරම සහ පූනරින් හි ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘති අවලංගු කිරීමට ජාතික ජන බලවේගයේ රජය කටයුතු කර ඇති බවට සංසරණය වූ පුවත් අසත්‍යය බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

“අදානි සමූහය සමග පුනරීන් සහ මන්නාරම සුළං විදුලි බලාගාර සම්බන්ධයෙන් අපේ රජය විසින් ඒ ව්‍යාපෘතිය අවලංගු කළා කියලා ප්‍රවෘත්තිය සැරිසරමින් තිබුණා. මේකට අදානි සමාගමත් යම් පැහැදිලි කිරීමක් කරලා තිබුණා. රජය පැත්තෙන් අපේ ස්ථාවරය වන්නේ මන්නාරම සහ පූනරින් ප්‍රදේශවල මේ ඉදිකිරීමට නියමිත සුළං විදුලි බලාගාර අවලංගු කිරීමට රජය තීන්දුව අරගෙන නැහැ. මේ වනවිට අධිකරණයේ නඩු පහක් ගොනුවෙලා තියෙනවා මේ සම්බන්ධයෙන්. එම මැයි මාසයේදී මේ නඩුව විභාගයට ගන්නත් නියමිතයි. ඒ වගේම කලින් එකඟවුණු මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට අලුත් ආණ්ඩුව තීන්දුවක් ගත්තා. ඒ අනුව සමාලෝචන කමිටුවක් පත්කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පමණයි රජය තීන්දුවක් අරගෙන තිබෙන්නේ, එහෙම නැතිව මේ ව්‍යාපෘතිය අවලංගු කරන්නට රජය තීන්දුවක් අරගෙන නැහැ”

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවේ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික මිත්‍රත්වයේ වර්ධනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඊයේ (21)...

GMOA තීරණයක් ගනී!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW⁩: අද (22)දහවල් 2කට...

රමේෂ් පතිරණ යළි පොහොට්ටුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙක් වන රමේෂ් පතිරණ යළි ශ්‍රී...

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...