“මාධ්‍ය සංදර්ශන දාලා මුදල් නාස්ති කරන්න එපා.” – නාමල්

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ (LNW):

විපක්ෂය මර්දනය කරමින් ආණ්ඩුව තමන්ගේ දේශපාලනය සිදුකරන බවත් , පැහැදිලිව වැරැද්දක් කර තිබේ නම් එම වැරැද්ද අධිකරණයේ දී ඔප්පු කරනා ලෙසත්, මාධ්‍ය සංදර්ශන දාලා මුදල් නාස්ති නොකරන මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට කාලය වැයකරනවා වෙනුවට තමන්ගේ පවුලේ අයව දඩයම් කිරීමට කටයුතු කරන බව ද කියා සිටියේය.

අද (27) උදෑසන යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට රැගෙන ආ අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මෙසේ පවසා සිටියේය.

“ඇයි මෙහෙම කරන්නේ කියලා මගෙන් අහන්න එපා. ඒක අහන්න නියෝජ්‍ය ආරක්ෂක ඇමතිගෙන්, පොලිස් ඇමතිගෙන් සහ රටේ ජනාධිපතිවරයාගෙන්. හැබැයි ඉතින් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කාලය වැයකරන්න ඕන ආණ්ඩුව දේශපාලනඥයින්ව දඩයම් කරන්න සහ පවුලේ අයව දඩයම් කරන්න යොදනවා. පාර්ලිමේන්තුවේ කෑගහන්නේ මම නේ. හිරේ යන්නේ මල්ලි.

අපරාදේ හයිවේ එක දිගේ බෙලිඅත්තටම ඇවිත් අත්අඩංගුවට ගත්ත එක. අපිට එන්න කිව්වානම් අපි එනවා. තෙල් ගහගෙන බෙලිඅත්තට යන්නේ අපරාදේ. එන්න කිව්වා නම් ඇවිත් කටඋත්තරය දෙනවානේ. අපි වැරැද්දක් කරලා තියෙනවා නම් අධිකරණයේ දී ඔප්පු කරන්න. මාධ්‍ය සංදර්ශන දාලා රටේ ජනතාවගේ මුදල් නාස්ති කරන්න එපා.

මේ නඩුව පටන් ගත්තේ දුෂණ මර්දන කමිටුවේ ලේකම්වරයා විදියට අද ඉන්න පොලිසිය භාර අමාත්‍යවරයා. එතුමාගේ එදා තිබුණ දේශපාලන දඩයම අද සාක්ෂි හද හදා ඒ විදියටම ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. විපක්ෂය මර්දනය කරලා තමන්ගේ දේශපාලනය කරන්න ආණ්ඩුව හදන්නේ. පැහැදිලිව අපි වැරැද්දක් කරලා තියෙනවා නම් ඒ වැරැද්ද අධිකරණයේ දී ඔප්පු කරන්න. මාධ්‍ය සංදර්ශන දාලා මුදල් නාස්ති කරන්න එපා.” ලෙස කියා සිටියේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (29) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 29) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත්...

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...