පරිසර ප්‍රතිපත්ති සම්පාදනයේදී පරිසර අධ්‍යාපනය සඳහා විශේෂ ස්ථානයක්!

Date:

කොළඹ LNW:අධ්‍යාපනය සඳහා ප්‍රධාන ස්ථානයක් ලබා දෙන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පැවසුවේය.

පරිසර විෂය අධ්‍යයනය කිරීම මෙන්ම ජාත්‍යත්නර පරිසර අධ්‍යාපනය සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ජාත්‍යන්තර පරිසර අධ්‍යාපන දින සැමරුම නිමිත්තෙන් මධ්‍යම පරිසර සංරක්ෂණ එකමුතුව, හන්තාන රත්නසිරි වික්‍රමනායක ජාතික පුහුණු ආයතනයේදී අද (27) පවත්වන ලද ජාතික උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමිනි.

හන්තාන කුඩා තේ වතු සංවර්ධන අධිකාරි පරිශ්‍රයේදී රුක් රෝපණ වැඩ සටහනකින් අනතුරුව ජාතික උත්සවය ආරම්භ විය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, මිනිස් ජීවිතය හා පරිසරය අතර වෙන් කළ නොහැකි සබඳතාවයක් පවතින බැවින් පරිසරය රැක ගැනීම සම්බන්ධයෙන් නව රජය වැඩි අවධානයක් යොමු කොට ඇතැයි කීවේය.

ඉකුත් පාලන සමයන්හීදී හන්තාන වැනි ප්‍රදේශවල ඉඩම් කට්ටි කොට බෙදා ගැනීමට හිටපු අමාත්‍යවරුන් ක්‍රියා කොට ඇතැයි කී ඒ මහතා අවශ්‍ය නම් මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන එම අමාත්‍යවරුන්ගේ නම් හෙළිකළ හැකි යැයි ද පැවසුවේය.

හන්තාන මෙන්ම මෙරට විවිධ පරිසර පද්ධති නන් අයුරින් රටේ ස්වාභාවික සමතුලිතතාවට දායක වන බැවින් පරිසරය සුරක්ෂීත කර ගැනිම ඉතා වැදගත් බව රජය මැනවින් අවබෝධ කර ගෙන ඇතැයි ද ඒ මහතා කීවේය.

ගෝලීය උණූසුම ඉහළ යාම පිළිබදව දැනට වසර සියයකට පමණ ඉහතදී කරුණ අනාවරණය වුවත් ඒ සමබන්ධයෙන් මේ වන විට අවධානය යොමු වී ඇතැයි කී ඒ මහතා තව දුරටත් ප්‍රමාද නොවී පරිසරය රැක ගැනිම වෙනුවෙන් සමස්ථ මානව ප්‍රජාව ඉදිරිපත් විය යුතු යැයි ද තව දුරටත් සඳහන් කළේය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා එහිදී අදහස් දක්වමින් මහනුවර සංවර්ධන සැලැස්මේදී හන්තාන ආශ්‍රිත කලාපය සම්පූර්ණයෙන් නිදහස් කොට ඇති බවත් ඒ තුළින් මහනුවර නගරයේ හදවත බඳු පරිසර පද්ධතිය රැක ගැනිමට අවධානය යොමු වී ඇතැයි කිවේය. නමුත් හන්තාන රැක ගැනීම සඳහා ඉදිරියේදී ශක්තිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතුව ඇතැයි ද ඒ මහතා තව දුරටත් සඳහන් කළේය.

බෝගම්බර විහාර විහාරාධිපති පූජ්‍ය ගල්ලෑල්ලේ සෝරත හිමි ඇතුලු මහා සංඝරත්නය ද ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති ජයත්න තිලකරත්න, මධ්‍යම පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රියන්ත චන්ද්‍රරත්න, මධ්‍යම පරිසර සංරක්ෂණ එකමුතුවේ සභාපති එස්.පී.ලියනාරච්චි යන මහත්වරු ඇතුලු නිලධාරීන් ද පාසල් දූ දරුවන් ගුරුවන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...

ගෙවුණු දිනයේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු දිනය...