සොල්දාදුවෝ නිරන්තරයෙන් යුධ ඇඳුමින් පාරෙ දකින රටක් දියුණු වෙලා නෑ, වෙන්නෙත් නෑ – ජනරාල් දයා (VIDEO)

Date:

නිරන්තයෙන් හමුදා සොල්දාදුවන් යුධ ඇඳුමින් මහමග දකින්නට ලැබෙන රටක් දියුණු වන්නේ නොමැති බව හිටපු හමුදාපති, ජනරාල් දයා රත්නායක මහතා පවසයි.

“රටේ තියෙන විශ්වවිද්‍යාලවල තියෙන පොත් පුස්කනකොට, විශ්වවිද්‍යාලවල ඉන්න විද්‍යාඥයින් අධ්‍යාපනඥයින් සමාජගත වෙලා නැතුව වල්වැදිලා ඉන්න සමාජයක තමා සොල්දාදුවා පෙරගමන්කරුවා වෙන්නෙ. සොල්දාදුවෝ නිරන්තරයෙන්ම යුධ ඇඳුමින් පාරෙ දකින රටක් අපෙ හාමුදුරුවනේ දියුණු වෙලා නෑ, දියුණු වෙන්නෙත් නෑ. ඒක තමා යතාර්ථය !

එනිසා අර කියපු විද්‍යාඥයින්, විශේෂඥයින්, ඒ පොත් පරිශීලනය කරලා ඒක ඇරගෙන ඒක සමාජගත කළොත්, ඔවුන් පෙරගමන්කරුවා වෙලා සමාජය ගෙනියන්නේ නැතුව සොල්දාදුවාට මේක බාරදීලා තිබීම තුළ තමා මේ ගැඹුරු ප්‍රශ්න ඇතිවෙන්නෙ. අපි සමාජයක් හැටියට ලැජ්ජා වෙන්න ඕනෙ සොල්දාදුවා පාරට දාලා උගේ වැරදි හොයහොයා ඉන්න එක ගැන. අද සමාජයම එකතුවෙලා පොලිසියට තමා බනින්නෙ. දෙමව්පියො අසමත් වෙලා, ගුරුවරු අසමත් වෙලා, පූජකවරු අසමත් වෙලා, දේශපාලකයො අසමත් වෙලා, සියලු සමස්ත සමාජයම අසමත් වෙලා හැමෝම සමාජයට සුදුසු නැති පුද්ගලයින් බිහිකරලා, ඒ අය සමාජයේ පාරෙ විවිධ දේවල් කරනවා, නීතිය අතට ගන්නවා, ඒවා කරන්නෙ අපි මුල සිටම මේ දරුවෙක්ව හදලා ගේන ක්‍රමවේදය හරියට කරන්නෙ නැති නිසයි. එහෙත් වැරදි කරලා වැටුණාම අර අසමත් වුණු හැමදෙනාම අර පාරෙ ඉන්න රාළහාමිට බනිනවා මෙයා තමයි වැඩේ කරන්නෙ නැත්තෙ කියලා. මේක තමා අපේ සමාජය.

අපේ දහමෙන් අපට කියලා දීලා තියෙන්නෙ හේතු ඵල දහම. හේතුවට යන්න. හේතුවට යන්නෙ නැතුව අර ඵලයන් පස්සෙ දුවන නිසා තමයි ඕවා සිදුවෙන්නෙ”

ජනරාල් දයා රත්නායක මහතා මේ බව පැවසුවේ ඊයේ (30) ගාල්ල, බූස්ස ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය අදයි!

රෂිකා හෙන්නායක ජූලි 27 කොළඹ LNW : ශ්‍රී ලංකා...

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිගෙන් ඉල්ලීමක්!

ශ්‍රී ලංකාව ඓතිහාසික වශයෙන් දායදය ලත් ථේරවාද බෞද්ධ...

විශිෂ්ට දරුවන් ඇගයීම අද (27) නැගෙනහිරදී…

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW : මඩකලපුව, ස්වාමි විපුලානන්ද...