ජනපති සහ පොහොට්ටු නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් …

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් පිරිසක් අතර විශේෂ හමුවක් ඊයේ (29) රාත්‍රියේ පැවැත්වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, සභාපති ජී. එල්. පීරිස්, මහලේකම් සාගර කාරියවසම් සහ මාධ්‍ය ලේකම් සංජීව එදිරිමාන්න යන මහත්වරුන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර ඇත.

රටේ පවතින වත්මන් අර්බුදය විසඳීම සඳහා මහානායක හිමිවරුන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් සිය පක්ෂය දැඩි අවධානයක් යොමු කර ඇතැයි එහිදී ජනාධිපතිවරයාට දැනුම් දුන් බවයි සාගර කාරියවසම් මහතා සඳහන් කළේ.

එමෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීම සඳහා එම යෝජනා තමන් වෙත ද ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද කළ බව ඒ මහතා ප්‍රකාශ කළේය.

සිය පක්ෂයේ මූලික අවධානය රට වෙනුවෙන් යොමු කෙරෙන අතර ඒ සඳහා ජනාධිපතිවරයා සමග එක්ව කඩිනමින් කටයුතු කරන බවත් සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් මාධ්‍ය වෙත පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

රුසියාවෙන් යුක්‍රේනයට එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාවෙන් යුක්‍රේන වැසියෝ දැඩිව අසරණ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු හමුදා විසින් යුක්රේනයේ...

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පාසල් සෞන්දර්ය අධ්‍යාපනය...