ජනපති සහ පොහොට්ටු නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් …

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් පිරිසක් අතර විශේෂ හමුවක් ඊයේ (29) රාත්‍රියේ පැවැත්වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, සභාපති ජී. එල්. පීරිස්, මහලේකම් සාගර කාරියවසම් සහ මාධ්‍ය ලේකම් සංජීව එදිරිමාන්න යන මහත්වරුන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර ඇත.

රටේ පවතින වත්මන් අර්බුදය විසඳීම සඳහා මහානායක හිමිවරුන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් සිය පක්ෂය දැඩි අවධානයක් යොමු කර ඇතැයි එහිදී ජනාධිපතිවරයාට දැනුම් දුන් බවයි සාගර කාරියවසම් මහතා සඳහන් කළේ.

එමෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීම සඳහා එම යෝජනා තමන් වෙත ද ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද කළ බව ඒ මහතා ප්‍රකාශ කළේය.

සිය පක්ෂයේ මූලික අවධානය රට වෙනුවෙන් යොමු කෙරෙන අතර ඒ සඳහා ජනාධිපතිවරයා සමග එක්ව කඩිනමින් කටයුතු කරන බවත් සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් මාධ්‍ය වෙත පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...