විරේන් අවසන් පූර්ව වටයට

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 28,(LNW)කොළඹ :

ශ්‍රී ලංකාවේ මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් පවතින HUNDRED Sri Lanka International Challenge 2025 තරගාවලියේ දී ශ්‍රී ලංකාවෙන් ඉදීරිපත් වූ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුදුසුකම් ලැබීමේ වටයේදී මෙන්ම තමන් සහභාගි වූ පළමු තරගයේදීම පරාජයට පත් වෙද්දී ඉදරියට ඇදෙන එකම ලාංකේය ක්‍රීඩකයා බවට පත් වී සිටින විරේන් නෙත්තසිංහ තරගාවලියේ අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.


තරගාවලිය ආශ්‍රිතව ජාත්‍යන්තර ශ්‍රේණි සළකා කර තිබෙන තරගාවලියට අදාළ ශ්‍රේණිගත කිරීම් අතරේ අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලැබූ ක්‍රීඩකයින් හතර දෙනා අතරේ ශ්‍රේණිගත ක්‍රීඩකයින් දෙදෙනෙක් පමණක් සිටිනවා.විරේන් තරගාවලියේ සිව්වැන්නා ලෙස ශ්‍රේණිගතව සිටින අතර ඔහුට අවසාන පූර්ව තරගයේදී මුණ ගැසෙන මැලේසියාවේ සොලේ අයිදිල් සිටින්නේ තරගාවලි ශ්‍රේණිගත කිරීම්වල දෙවැන්නා ලෙසයි.


විරේන් අර්ධ අවසන් පූර්ව වටයේදී ද චීන තායිපේ ක්‍රීඩකයා වූ චෙන්ග් කායි වට 2-1 ක් ලෙස පරාජය කරන්නට සමත් වුණා. 16-21,21-7,21-13 ලෙස නිමාව දුටු තරගය සඳහා විනාඩි 34 ක් ගත වී තිබුණා.විරේන් මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 71 වන ස්ථානයේ පසුවන අතර මේ තරගාවිලයේ මේ දක්වා පෙන්වා ඇති දස්කම්වල ප්‍රමාණය වූ ඉදරි ශ්‍රේණිගත කිරීමකදී ඔහුගේ ශ්‍රේණිය තව දුරටත් ඉහළ යන්නට හේතු වෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...