ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම යටතේ කුවේට් සිට ශ්‍රී ලාංකික සිරකරුවන් 20ක් මෙරටට!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 26, කොළඹ (LNW):

කුවේට් රාජ්‍යයෙහි මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටි ශ්‍රී ලාංකික සිරකරුවන් 20 දෙනෙකු මෙරටට භාරදීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙන අතර, ඔවුන් මෙරටට රැගෙවිත් ඇත්තේ කුවේට් – ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම යටතේ බව වාර්තා වේ.

එම සිරකරුවන් කුවේට් රාජ්‍යය තුළ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම, ප්‍රවාහනය කිරිම, ජාවාරම් කිරීම සහ තවත් විවිධ චෝදනා යටතේ එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලිය වෙත යොමු කර දඩුවම් ලබා බන්ධනාගාරගතව සිටි පිරිසක් වේ.

එලෙස කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ සිරකරුවන් වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන යාමට නියමිත අතර, කුවේට් – ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම යටතේ මේ වන විට අවස්ථා දෙකක දී ශ්‍රී ලාංකික සිරකරුවන් 52 දෙනෙකු මෙරටට රැගෙනවිත් භාර දී තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...