අපිව කෙඳිරිගාවන එක හිතන තරම් ලේසි නෑ – CID එකෙන් පිටව යමින් නාමල් කියයි!

Date:

කොළඹ LNW: සැලැස්මක් නොමැතිව රටක් පාලනය කරන්න ගොස් අමාරුවේ වැටුණ පසු අපව හිරේ දමා ආණ්ඩුවට සිට පාලනය කරගෙන යාමට හිතනවා නම් ආණ්ඩුවට වැරදි ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (07) පෙරවරුවේ ප්‍රකාශයක් දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ ඉන් පත්ව යමින් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය දා ඇප මත නිදහස් කරන ලද ඩේසි ෆොරස්ට් නොහොත් ඩේසි ආච්චි නැමති මන්ත්‍රීවරයාගේ මිත්තණිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද ඔහුව කැඳවා තිබුණි.

”මේ දවස්වල අපට වඩා ආණ්ඩුව කෙඳිරි ගානවා. ආණ්ඩුව කෙදිරි ගාන්න ගාන්න අපව CID ගේනවා. ආණ්ඩුව හිතනවා ඊටපස්සේ අපි කෙඳිරි ගායි කියල. ආණ්ඩුව අපට කෙඳිරි ගාන්න කියල මේ රටේ ජනතාවට කෙඳිරි ගාන තැනට රටේ ආර්ථිකය වට්ටන්න එපා. ඒ නිසා අපි ආණ්ඩුවෙන් කරුණාකරලා ඉල්ලන්නේ මැතිවරණ කාල සීමාවේ වුණත් අපිට එන්න කිව්වම අපි ඇවිත් සහයෝගය දෙනවා. හැබැයි ඉතින් ඔබ මේ රටේ ජනතාවට වෙච්ච පොරොන්දු තියෙනවා. පොරොන්දු ඉෂ්ට කරන්න. සමහර ආණ්ඩුවල ඉන්න මැති ඇමැතිවරුත් හිතනවා මේක තමා ලේසිම ක්‍රමය ජනතාවගේ ප්‍රශ්න මඟ හැරගන්න. දැන් රැකියා අහිමි වෙනවා. ඇමරිකාව අලුතෙන් බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරලා තියෙනවා. අපේ ආණ්ඩු බුදියගෙන ඉඳල නින්දෙන් නැගිට්ට වගේ කමිටුවක් පත්කරලා ඇමරිකන් ජනාධිපතිවරයා එක්ක සාකච්ජා කරනවලු. මේක මාස දෙක තුනකට කලින් ඉදන් පාර්ලිමේන්තුවේ සාකච්ජා වුනා. ඒ වෙලාවේ කළේ රාජපක්ෂලා ගැන හොයනවා කියා කියා හිටියා. නැත්නම අපි ඇමතිවරු මෙච්චර හිරේ දානවා අච්චර හිරේ දානවා කියා කියා හිටියා. ජනාධිපතවරයා වුණත් වේදිකාවට නැගල ඒ මුහුණ දෙන්න වෙන අභියෝග ගැන කිව්වේ නැහැ. හැබැයි බන්ධනාගාර ගතකරන ඒවා ගැන ජනාධිපතිවරයා කියනවා. ආණ්ඩුව පැහැදිලිවම සැලැස්මක් නැතුව උදේට නැගිටලා හවසට ආණ්ඩුව කරන්නේ කොහොමද කියල කල්පනා කරලා අමාරුවේ වැටුනට පස්සේ හිතනා අපිව හිරේ දාලා අපිව මේවට ගෙනල්ලා ආණ්ඩුවට තමන්ගේ පාලනය අරන් යන්න පුල්වුවන් කියල. එහෙම හිතනවා නම් ආණ්ඩුවට වැරදිලා.” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් පවසන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හර්ෂිතාගේ දෙවන ශතකයත් සමඟ පිතිකාරීනියන් අතර යළිත් මුල් තැන – ප්‍රබල යුද හමුදාවට පානදුරෙන් ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ක්‍රියාත්මක වෙමින් පවතින ශ්‍රී ලංකා...

පාපන්දුවෙන් ලොවක් හඳුනන රොනාල්ඩෝ ගෙන් ජෝර්ජිනාට දියමන්ති මුදුවක්!

සටහන – පුලී අගෝස්තු 12, කොළඹ (LNW): පාපන්දු ලෝකයේ සුපිරි තරුව...

ඇමරිකාව බබලවන ඉන්දියානු සංක්‍රමණික බිලියනපතියන්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ෆොබියස් සඟරාවකට අනුව...