යෝෂිතට සහ ඩේසි මිත්තණියට එරෙහිව යළිත් අධි චෝදනා!

Date:

කොළඹ LNW:යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ මිත්තනියක වන ඩේසි ෆොරස්ට් මහත්මියට නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ යළිත් අධි චෝදනා ගොණුකර ඇතැයි වාර්තා වෙයි.

එලෙස අධි චෝදනා ගොණු කර ඇත්තේ උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි රුපියල් මිලියන 59 ක හවුල් ගිණුමක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් බව සඳහන්.

2012 සහ 2015 කාලසීමාව තුළ රුපියල් ලක්ෂ 800කට අධික වටිනාකමකින් යුත් රත්මලාන සිරිමල් වත්ත උයන සහ දෙහිවල ප්‍රදේශයේ ඉඩම් සහ දේපළ අත්පත් කර ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ මිත්තනියක වන ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් මීට පෙරද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධි චෝදනා ගොණු කරන ලදී.

එලෙස අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔවුන් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ පසුගිය අප්‍රේල් 4 වැනිදා නියෝග කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...