වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ මෙන්න!

Date:

කොළඹ LNW:එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් අප්‍රේල් මස 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්දෙන් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සඳහා අවම වශයෙන් එහි නැවුම් කිරි 50% ක් අඩංගු විය යුතු බවයි සඳහන් වන්නේ.

දියර කිරි සහ යෝගට්වලට අමතරව, විදුලි ජනනය සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට සපයන නැප්තා සඳහා වන වැට් බද්ද ද ඉවත් කර ඇත.

එසේම ඔක්තෝබර් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අනේවාසික පුද්ගලයින් විසින් විද්‍යුත් වේදිකා හරහා ශ්‍රී ලාංකිකයින්​ට සපයනු ලබන සේවාවන්වලට වැට් බද්ද අදාළ වන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් 09 වන දින පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර ඒ සඳහා අප්‍රේල් 11 වන දින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහත විසින් සිය අනුමැතිය ලබා දී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී අද...

මර්දනයට ලෑස්ති වෙන්න එපා, අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා – නාමල් ආණ්ඩුවට කියයි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ටෙන්ඩර් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව එල්ල...

රනිල්ව සිරගත කිරීම : රජයේ කිසිදු මැදිහත් වීමක් හෝ පළිගැනීමක් නෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත...

GMOA දීපව්‍යාප්ත වැඩවර්ජනයකට දින නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉල්ලීම් 4ක් මුල්කර ගනිමින් 2025 අගෝස්තු...