ට්‍රම්ප්ගේ බද්ද ගැන සාකච්ඡා කරලා ඒ බද්ද නවත්වාගන්න අපේ නියෝජ්‍ය ඇමතිවරයෙක් ඇමරිකාවට යැව්වා – ජනපති අනුර

සටහන – රුවන් නෙළුගොල්ල

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා ඇති නව තීරුබදු පිළිබඳව සාකච්ඡා කර එම බදු පැනවීම වළක්වා ගැනීම සඳහා මුදල් නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු කණ්ඩායමක් මේ වනවිටත් ඇමරිකාවට යවා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“ට්‍රම්ප්, එක්සත් ජනපදය බද්දක් ගහපු හැටියේ කට්ටියක් ප්‍රීතියෙන් පිනා ගියා. මාස තුනක් කල්දැම්මා, කන් කඩා වැටුණා. එහෙම ඉන්නේ. ඒ කියන්නෙ මොකක් හරි වෙලා මේකට අනතුරක් වෙනවා නම් කියලා ප්‍රාර්ථනා කරමින් ඉන්නෙ. මතක තියාගන්න, බාධා එනවා. ලෝකේ අපට ඕනෙ විදියටම හසුරුවන්න බෑ. අපි පොඩි රාජ්‍යයක්. අපි උත්සාහ කරනවා, මොකක්ද ? ඒක අවම ආකාරයෙන් විසඳා ගැනීම සඳහා අපි උත්සාහ කරනවා. මේ වනවිටත් එක්සත් ජනපදයට අපේ මුදල් නියෝජ්‍ය ඇමතිතුමා ඇතුළු කණ්ඩායමක් ගිහිල්ලා තියෙනවා ඒ පිළිබඳ සාකච්ඡා කරන්න. අපි උත්සාහ කරන්නෙ මොකක්ද ? එවැනි බදු පැනවීමක් වළක්වා ගැනීම සඳහා උත්සාහ කරනවා. ඒ වගේම උත්සාහ කරනවා කුමක්ද ? ලෝකෙ කුමන ආකාරයේ සුළියක් හැමුවත් ලෝකෙ කුමන ආකාරයේ ගැටුමක් නිර්මාණය වුණත් නොසැලෙන වර්ගයේ ආර්ථිකයක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 20) දඹුල්ල ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...