පෙත්සමයි – අපහාසයයි විභාග කිරීම එකම දවසකදී – අභියෝගයට ලක් වන්නේ ඩීජී ගේ තීරණයි.

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 30, කොළඹ LNW:

හිටපු ජාතික රග්බි ක්‍රීඩක වරුණ ද සිල්වා විසින්, ශ්‍රී ලංකා රග්බි නිලවරණය පැවැත්වීමට නියෝගයක් ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමක් මැයි 15 වන දින සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා, අදාළ අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් ද මැයි 15 වන දින කැඳවීමට නියමිත බව විනිසුරු මඩුල්ලට දන්වා සිටි අතර, වත්මන් පෙත්සම එම දිනයේම සලකා බලන ලෙස ඉල්ලා සිටි අතර ඒ අනුව ඉදිරිපත් කරන ලද රිටි පෙත්සම සම්බන්ධ විභාගයද,ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන නඩුව ද මැයි 15 වන දා කැදවීමට අධිකරණය පිළිගනු ලැබුවා.


පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, විනිසුරු මඩුල්ලට දන්වා සිටියේ, කොළඹ දිස්ත්‍රික් අධිකරණය හමුවේ මීට පෙර ඇති කරගත් එකඟතාවයකට අනුව, ජනවාරි 25 වන දින ශ්‍රී ලංකා රග්බි නිලවරණය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සකස් කර තිබූ බවයි.එසේ තිබියදී, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද නියෝගයකින් පසුව, එදිනම නිලවරණය හදිසියේම අත්හිටුවන ලද බවත්, එය අධිකරණයට අපහාස කිරීමක් බවත් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා විනිසුරු මඩුල්ලට දන්වා සිටියා.


මෙහිදී නිලවරණය පැවත්වීම සඳහා රිට් පෙත්සමක් ඉදිරිපත් කිරීමට හේතුව වන්නේ ක්‍රිඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අධිකරණයේදී ඇති කර ගත් එකඟතාවය මත කටයුතු නොකර නිලවරණය කල්දැමීමට ගත් හේතුවයි.රිටි පෙත්සම හරහා එම කරුණු විභාග කිරීමේදී ද අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ හැසිරීම අභියෝගයට ලක් වී ඇති අතර කල්දැමීම නිසා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ද චෝදනා ලැබ සිටින්නේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාටය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...