අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව මෙම විශේෂ ප්‍රකාශය සිදුවනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
අද දිනයේදී අගමැතිවරයා ඉල්ලා අස්වනු ඇති බවට පසුගිය දින කිහිපය පුරා මාධ්‍ය වාර්තා පළ වී තිබිණි.
මේ අතර අගමැතිවරයාට සහාය පළ කරමින් අද අරලියගහ මන්දිරය වෙත පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් විශාල පිරිසක් පැමිණීමටද නියමිතය.
UN