අරලියගහ මන්දිරය ඉදිරිපිටදී අගමැති හිතවාදීන්ගෙන් මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක්!

0
1394

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකරමින් අරලියගහ මන්දිරය වෙත පැමිණි පිරිසක් මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එහිදී මාධ්‍යවේදීන් දෙදෙනෙකු පහරකෑමට ලක්ව තිබෙන බවයි වාර්තා වුණේ.

මේ වන විට තත්ත්වය සමථයකට පත් කර ඇති නමුත් අරලියගහ මන්දිරය වෙත පැමිණෙමින් සිටින අගමැති හිතවාදීන්ගෙන් මාධ්‍යවේදීන්ට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින බව සඳහන්.

අරලියගහ මන්දිරය වෙත පැමිණෙන එම සියලුම ආධාරකරුවන් පිටත නොරඳවා එම පරිශ්‍රය අභ්‍යන්තරයට කැඳවමින් ඇත.

ASK