2025 භූ කම්පන අනාවැකිය ජපානයට සංචාරකයන්ගේ පැමිණීම සීමා කරයි

සටහන: සශිකලා මධුෂාණි
මැයි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 90 දශකයේ රියෝ ටැට්සුකිගේ නම් ග්‍රැෆික් කතා රචකයකු විසින් සිය ග්‍රැෆික් නිර්මාණ හරහා කරන ලද අඳුරු අනාවැකියක් හේතුවෙන් මේවන විට ජපානයට සංචාරකයන්ගේ පැමිණීම පහත වැටි ඇති බව වාර්තා වේ.

ටැට්සුකේ විසින් 1999 දී ප්‍රකාශයට පත් කරන ලද මුල් පිටපතේ කවරයේ 2011 මාර්තු මාසයේදී සිදු වන “මහා ව්‍යසනයක්” ගැන සඳහන් කළ අතර එම වසරේ මාර්තු මාසයේදී ඊසානදිග ජපානයේ භූමිකම්පාවකින් සහ සුනාමියකින් 18,000 කට වැඩි පිරිසක් මිය යාමත් සමඟ එම සිහිනය සැබෑ විය.

ඉන් අනතුරුව රියෝ ටැට්සුකි විසින් 2021 ප්‍රක්ෂයට පත්කරන සංස්කරණයේ මීළඟ ප්‍රධාන ව්‍යසනය 2025 ජූලි 5 වන දින සිදුවනු ඇති බවටත්, විට ජපානයෙන් ඈත්ව සිටින ලෙස ජනතාවට අනතුරු ඇඟවීමක් මේ වන විට සමාජ මාධ්‍ය සටහන් අවුලුවා ඇත.

මෙම අනාවැකිය හේතුවෙන් දකුණු කොරියාව, තායිවානය සහ හොංකොං යන රටවලින් සංචාරකයන්ගේ පැමිණීම සිමා වී ඇති අතර හොංකොං වෙතින් සාමාන්‍ය වෙන් කිරීම් වසරින් වසර 50% කින් පහත වැටී ඇති අතර, ජුනි අග සිට ජූලි මුල දක්වා කාලය තුළ ඒවා 83% කින් පමණ පහත වැටී තිබේ.

කෙසේ නමුත්, 2011 ව්‍යසනයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ප්‍රාන්ත තුනෙන් එකක් වන මියාගි හි ආණ්ඩුකාර යොෂිහිරෝ මුරායි පැවසුවේ පදනම් විරහිත කතාව කලාපයේ සංචාරක ව්‍යාපාරයට බලපෑම් කිරීමට පටන් ගෙන ඇති බවත්, ඒවා නොසලකා හරින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්ය.

පැසිෆික් සාගරයේ භූ කම්පන අධි ක්‍රියාකාරී ගිනි වළල්ල මත පිහිටා ඇති බැවින් ජපානය ලෝකයේ වඩාත්ම භූමිකම්පා ඇති රටවලින් එකකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...