මේ වගේ අලුගුත්තේරු ආණ්ඩුවකට යන්න තරං අපිට පිස්සු නෑ – හෙක්ටර් අප්පුහාමි

Date:

තමා ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්, රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ තනතුරු ලබා ගැනීමට සූදානමින් සිටින බව පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා. ඇමති පට්ටම්වලට යට වී, වරප්‍රසාදවලට යට වී ජනතා අරගලය පාවාදීමට සූදානම් නොමැති බවත්, තමන් නිරත වන ප්‍රතිපත්තිගරුක දේශපාලනය පාවාදීමට සූදානම් නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

සමගි ජන බලවේගයේ එකම අපේක්ෂාව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ජනතාවාදී පාලනයක් ගොඩනැගීම හරහා රටේ ජනතාවගේ ගැටලු විසඳීම බවත්, ඒ හැර අන් කුමන හෝ ආණ්ඩුවකට සම්බන්ධවීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගොඩනගන ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, නීතිවිරෝධී බවත් පෙන්වා දෙන හෙක්ටර් අප්පුහාමි මහතා පවසන්නේ මෙය අලුගුත්තේරු හා අසමජ්ජාති ආණ්ඩුවක් බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...