ඉදිරි මාස කිහිපය ඔබට මට ජීවිතයේ දුෂ්කරම කාල පරිච්ඡේදය ගත කරන්න වේවි – අගමැති

0
416

ඉදිරි මාස කිහිපය ශ්‍රී ලාංකිකයින්ට ජීවිතයේ දුෂ්කරතම කාල පරිච්ඡේදය ලෙස ගත කිරීමට සිදුවනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රාජ්‍ය සේවකයින්ගේ මේ මස වැටුප් ගෙවීම සඳහා ද මුදල් අච්චු ගැසීම හැර විකල්පයක් නොමැති අතර මුදල් අච්චු ගැසීම තුළ රුපියලේ අගය තවත් අවප්‍රමාණය වනු ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

එමෙන්ම හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සැත්කම් සඳහා අවශ්‍ය උපකරණ ඇතුළු ඖෂධ වර්ග රාශියක හිඟයක් දැනටමත් පවතින බව පැවසූ ඒ මහතා අත්‍යාවශ්‍ය ඖෂධ 14ක් හිඟව පැවතීමත් එයින් දෙකක්වත් සැපයීමට වෛද්‍ය සැපයුම් අංශයට මේ මොහොතේ හැකියාවක් නොමැති වීමත් කණගාටුදායක කරුණක් බවත් පැවසීය. එම ඖෂධ දෙක හෘද රෝගීන්ට ලබාදෙන ඖෂධයක් සහ ජලභීතිකා ඖෂධයක් බවත් ඒ මහතා ප්‍රකාශ කළ අතර ජලභීතිකා ඖෂධය සඳහා විකල්ප ඖෂධයක්වත් නොමැති බවත් අනාවරණය කළේය.

අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතා කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ.

No photo description available.
No photo description available.
No photo description available.
No photo description available.

RN