LNW පුවත සනාථ වේ. ගෑස් නැව් දෙකකට රජය මුදල් ගෙවලා!

Date:

රට තුළ මතුව ඇති ගෑස් හිඟයට පිළියමක් ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ නව රජය යොදන වැඩපිළිවෙල යටතේ ගෑස් තොගයක් දිවයිනට ලැබීමට නියමිත බවට ලංකා නිව්ස් වෙබ් අප වාර්තා කළේ ඉකුත් මැයි 15 වන දින ය.

එම පුවත සනාථ කරමින් ඊයේ (17) දිනයේ දී ගෑස් නැව් දෙකක් ආනයනය කිරීම සඳහා රජය මුදල් ගෙවා ඇති බව වාර්තා වේ.

මීට අමතරව, තවත් ගෑස් නැවක් සඳහා මුදල් ගෙවා ඇති බව ද වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ රජය මුලින්ම ගෑස් ආනයනය කිරීම සඳහා අවධානය යොමුකර ඇති අතර, ඉන්පසුව ඩීසල් සහ භූමිතෙල් ආනයනය කිරීම සඳහා මුදල් ගෙවීමට නියමිත බව ද වාර්තා වේ. ඩීසල් සහ භූමිතෙල් සඳහා මුදල් ගෙවීමෙන් අනතුරුව පෙට්‍රල් ආනයනය කිරීම සඳහා අදාළ ඩොලර් ගෙවීමට නියමිතව තිබේ.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සිය පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඩොලර් විවෘත වෙළඳපොලක් ලබාගෙන අදාළ ගෙවීම් සිදුකිරීමට තීරණය කර ඇති අතර, ඉහත ගෙවීම් සිදුකර තිබෙන්නේ එසේ ලබා ගත් ඩොලර් වලින් බව ද සඳහන්.

මේ අතර, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙට්‍රික් ටොන් 400,000 කට අධික ඉන්ධන නැව් තොග 12 ක් දිවයිනට ලැබෙන බවත්, ඉන්දියානු ණය පහසුකම යටතේ ඩීසල් තොගයක් ඉකුත් ඉරු දින (15) දින කොළඹට පැමිණි බවත් ය.

සබැඳි පුවත්:

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...