රමේෂ්ගෙන් පොලිස්පතිට සෘජුවම චෝදනා. පොලිස්පති තවමත් තනතුරේ ඉන්නේ කොහොමද ? (VIDEO)

Date:

මැයි 09 වනදා සාමකාමී ගෝල්ෆේස් අරලයට මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන්ගෙන් එල්ල වූ ප්‍රහාරය වළක්වාගත හැකිව තිබියදී එය සිදු නොකර සිටීමට අණදී ඇත්තේ පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා විසින් බවට හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම හිටපු කැබිනට් ප්‍රකාශකවරයෙකු ද වන රමේෂ් පතිරණ මහතා චෝදනා කළේය.

“මම ඒ අවස්ථාවේදී අරලියගහ මන්දිරයේ හිටියේ. මම එතනින් ඉඳගෙන නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මැතිතුමාට කතා කළා මෙහෙම අවාසනාවන්ත සිදුවීමක් වෙන්න යනවා, කරුණාකරලා මේක නවත්තන්න කියලා. DIG තෙන්නකෝන් මහත්තයා මට කිව්වා කිසිම ගැටළුවක් නෑ සර්, සියලුම මාර්ග බාධක දාලා තියෙන්නෙ, අපි මේක නවත්තනවා කියලා. ඒ ටෙලිෆෝන් කෝල් එක දීලා මම ජනාධිපති මන්දිරයට ගියා ජනාධිපතිතුමාගෙ රැස්වීමකට. ඒ රැස්වීමට යනකොට මට කතා කළා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මැතිතුමා. එතුමා කතාකරලා කිව්වා ලොකු ගැටළුවක් වෙන්න යනවා ඇමතිතුමා, වහාම ජනාධිපතිතුමාට කියන්න මේක නවත්තන්නයි කියලා. එතකොට ජනාධිපතිතුමා අපි ඉදිරිපිට – ඇමතිවරු කීපදෙනෙක් හිටියා – දුරකථන ඇමතුමක් ගත්තා “මම උදේ කිව්වා නේද මේක නවත්තන්න කියලා, මොකක්ද මේ සිද්ධ වෙන්නෙ ?” කියලා ඇහුවාම DIG තෙන්නකෝන් කිව්වා 12.40ට පොලිස්පතිතුමා කිව්වා මේකට කඳුළු ගෑස් ගහන්න එපා, මේකට ජල ප්‍රහාර එල්ල කරන්න එපා කියලා පොලිස්පතිතුමා කිව්වා කියලා. 12.40 ට කතා කළේ. නියෝජ්‍ය පොලිස්පතිතුමා ජනාධිපතිතුමාට කිව්වා මේක නවත්තන්න එපා කියලා පොලිස්පතිතුමා කිව්වායි කියලා. ජනාධිපතිතුමා කිව්වා “තමුසෙට මම කිව්වෙ, රටේ ජනාධිපති. වහාම නවත්තනවා” කියලා. ජනාධිපතිතුමා කිව්වාට පස්සෙ තමයි කඳුළු ගෑස් ගහලා මේ ගමන නතර කරන්න කටයුතු කළේ. ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් පස්සෙ තමයි මේ කටයුත්ත මේ මට්ටමට බේරුණේ. මේ ප්‍රහාරයට ගිය මුග්ධ පිරිස නවත්තන්න කටයුතු නොකළේ පොලිස්පතිතුමාත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාත් කියන එක තමයි සත්‍යය කාරණය”

රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ ඊයේ (18) පාර්ලිමේන්තුව අමතමිනි.

මෙතරම් බරපතළ චෝදනාවක් සාක්ෂි සහිතවම පවතිද්දීත් සී. ඩී. වික්‍රමරත්න මහතා තවදුරටත් පොලිස්පති තනතුරේ රැඳී සිටින්නේ කෙසේද, මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ඔහු යටතේම ඉදිරියටත් කෙරෙන්නේ කෙසේද යන්න බරපතළ ප්‍රශ්නයකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...