උසාවි නියෝගයට අවනත වෙමින් මෛත්‍රී පැජට් පාරේ නිවසින් ඉවත් වෙයි

Date:

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැජට් පාරේ නිළ නිවසින් ඉවත් වී ඇතැයි වාර්තා වේ. සිරිසේන මහතා පසුගිය සතියේදී එම නිවසින් ඉවත් වී කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි වෙනත් නිවසක පදිංචියට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඇමතිවරුන්ගේ භාවිතයට තිබූ නිවාස කිහිපයක් එකට එකතු කර මෙම නිවස අළුත්වැඩියා කර මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දී තිබුණේ ඔහු ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යාමේදීයි.

කෙසේ නමුත් මෙම නිවස ලබාදීමට කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණය අවලංගු කරන්නැයි ඉල්ලා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි. පෙත්සම විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය, පෙත්සම් විභාගය අවසන් වනතෙක් හිටපු ජනාධිපතිවරයාට අදාල නිවසේ වාසය කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය. ඒ පසුගිය මාර්තු 29 වැනිදායි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...