උසාවි නියෝගයට අවනත වෙමින් මෛත්‍රී පැජට් පාරේ නිවසින් ඉවත් වෙයි

Date:

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැජට් පාරේ නිළ නිවසින් ඉවත් වී ඇතැයි වාර්තා වේ. සිරිසේන මහතා පසුගිය සතියේදී එම නිවසින් ඉවත් වී කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි වෙනත් නිවසක පදිංචියට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඇමතිවරුන්ගේ භාවිතයට තිබූ නිවාස කිහිපයක් එකට එකතු කර මෙම නිවස අළුත්වැඩියා කර මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දී තිබුණේ ඔහු ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යාමේදීයි.

කෙසේ නමුත් මෙම නිවස ලබාදීමට කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණය අවලංගු කරන්නැයි ඉල්ලා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි. පෙත්සම විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය, පෙත්සම් විභාගය අවසන් වනතෙක් හිටපු ජනාධිපතිවරයාට අදාල නිවසේ වාසය කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය. ඒ පසුගිය මාර්තු 29 වැනිදායි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...