දේශබන්දු තෙන්නකෝන් අද පොලිස් අත්අඩංගුවට?

Date:

මේ වනවිට අනිවාර්ය නිවාඩු යවා සිටින ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද දිනය තුළදී අත්අඩංගුවට පත්වීමට නියමිත බව ආරංචි මාර්ග පවසනවා.

මැයි මස 09 වැනිදා මයිනාගෝ ගම සහ ගෝඨාගෝ ගම විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත්වීම සම්බන්ධයෙන් තෙන්නකෝන් මහතාට චෝදනා එල්ල වූ අතර මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙනවා.

තෙන්නකෝන් මහතාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් කටයුතු කළ අතර ඔහු එහිදී පවසා තිබුණේ අරලියගහ මන්දිරයේ සිට පැමිණෙන පිරිස විසුරුවා හැරීමට කටයුතු නොකරන ලෙස පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා දුරකතන මාර්ගයෙන් තමාට නියෝග කළ බවයි.

එම ප්‍රකාශය තහවුරු කර ගැනීම සඳහා තෙන්නකෝන් මහතාගේ ජංගම දුරකතනය රහස් පොලිස් නිළධාරීන් භාරයට ගත් අතර දුරකතන දත්ත හරහාද විමර්ශන කරමින් සිටී.

අදාල විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා රහස් පොලිස් නිළධාරීන්ගේ අත්අඩංගුවට පත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...

ඉරානයේ තවත් උත්සාහයක් ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ඉහළම ආරක්ෂක...