සහල් හිඟය නිර්මාණය කරන්නේ අවුරුද්දකට වී තොග තියෙන මහා මෝල් හිමියන් – එ.ස.නි.ස.

Date:

මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් මේ වනවිට සංවිධානාත්මකව වෙළඳපොල තුළ සහල් හිඟයක් නිර්මාණය කරමින් සිටින බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා පවසයි.

“පොලොන්නරුවේ දැන් ගියත් ඉන්ධන පිරවුම්හල්වලට මේ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ ලොරි 75 – 100ක් දිනපතා පෝලිමේ තියෙනවා. හැබැයි මේ ඉන්ධන පුරවාගත්තාට මේ ප්‍රමාණයට අදාළව හාල් ප්‍රවාහනය වෙන්නෙ නෑ. මේක වගකීමෙන් කියන්නෙ, ඔවුන් චේතනාන්විතව සැලසුමකට අනුව වෙළඳපොළ තුළ සහල් හිඟයක් නිර්මාණය කරමින් ඉන්නවා. ඒකෙ අරමුණ තමයි මහා පරිමාණ මෝල් හිමියන් අර පහුගිය කන්නයේ රුපියල් 100ට එහෙම නැත්නම් ඊට ඉස්සෙල්ලා කන්නයේ රුපියල් 60 – 70 ට ගත්තු වී ටික සහල් කරලා වැඩි මිලට අලෙවි කරගැනීමේ අරමුණින් රට ඇතුළේ සහල් හිඟයක් නිර්මාණය කරමින් පවතිනවා. මේ මහා පරිමාණ මෝල් හිමියන් සතුව මේ වෙද්දී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් පවතිනවා. ඒ වී තොගයේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියන 50ක්. හරියටම මාස 12ක් අඛණ්ඩව සහල් නිෂ්පාදනය කරගෙන යන්න පුළුවන් ඒ වී තොගය පාවිච්චි කරලා. මේ සියලු දේවල් රජය දන්නවා හැබැයි කිසිදු පියවරක් ගන්නෙ නෑ”

දේශීය සහල් සඳහා පමණක් උපරිම සිල්ලර මිලක් නියම කිරීමෙන් ඵලක් නොවන බව පැවසූ ඒ මහතා ආනයනික සහල් සඳහා ද උපරිම සිල්ලර මිලක් පැනවිය යුතු බවයි සඳහන් කළේ.

මුදිත් පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිවුවන දිනටත් ඉරාන-ඊශ්‍රායල් ගැටුම අඛණ්ඩවම; ඊශ්‍රායලය ටෙහෙරානයේ ගුවන් අවකාශය අත්පත් කරගනියි

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය හා ඉරානය...

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ ජනපති අතර හමුවක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

මාලිමාවට තවත් ජයග්‍රහණ තුනක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : අද (16)...

චීන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක්!

කොළඹ LNW:විවිධ අභියෝග මධ්‍යයේ චීන ආර්ථිකය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම්...