රුසියාවෙන් තෙල්, පෝර ගන්න අපි මැදිහත් වෙනවා – විමල්

මුහුණ දී සිටින අර්බුදයෙන් රට බේරා ගැනීම සඳහා රුසියාවේ සහාය ලබා ගැනීම සඳහා පක්ෂ 10 එකමුතුව සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. මෙරට රුසියානු තානාපතිවරයා හමු වී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තම කණ්ඩායම තීරණය කළ බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

පක්ෂ 10 කණ්ඩායම නියෝජනය කරන පක්ෂ නායකයන් අතර ඊයේ රාත්‍රී පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව අවසන් තීරණයකට පැමිණ තිබෙනවා.

ඉන්ධන අර්බුදයට, පොහොර අර්බුදයට විසඳුම් ලබා ගැනීම සඳහා රුසියාවේ සහාය ලබාගත යුතු බවට එම කණ්ඩායම දිගින් දිගටම ප්‍රකාශ කළ අතර ආණ්ඩුව හිතාමතාම ඉන් වැළකී සිටින බවට එම කණ්ඩායම චෝදනා කළේය.

රුසියානු තානාපතිවරයා හමු වී ඉන්ධන හා පොහොර ආනයනය සඳහා පවතින බාධා මොනවාද යන්න පිළිබඳව විමසා සිටින බවත්, ශ්‍රී ලංකාව පැත්තෙන් එවැනි බාධා තිබේ නම් වහාම ඒවා විසඳා ගැනීම සඳහා මැදිහත්වීමට සූදානම් බවත් වීරවංශ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...