ලිට්‍රෝ සමාගමේ ගෑස් කොන්ත්‍රාත්තුව ඕමාන සමාගමට

ලිට්‍රෝ ලංකා සමාගම ගෑස් මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුව ඕමාන සමාගමකට ලබාදීමට තීරණය කර තිබෙනවා.

මෙම කොන්ත්‍රාත්තුව සඳහා තායිලන්ත සමාගමක් ඇමරිකානු ඩොලර් 112 බැගින් මිල ඉදිරිපත් කර තිබූ අතර ඕමාන් සමාගම ඩොලර් 129 බැගින් මිල ඉදිරිපත් කර තිබිණි. ඕමාන් සමාගමේ මිල ගණන් වැඩි නමුත් ඔවුන්ගෙන් ගෑස් මිලදී ගැනීම ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක බවයි ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසන්නේ.

තායිලන්ත සමාගම මිල ගණන් ඉදිරිපත් කර තිබුණේ මෙට්‍රික් ටොන් 6000 කට පමණක් වන අතර ඕමාන් සමාගම මාස හතරක් තුළ මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලබාදීම සඳහා මිල ගණන් ඉදිරිපත් කර තිබිණි.

මෙය දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් බැවින් ඕමාන් සමාගම තෝරා ගැනීමට තීරණය කළ බව සභාපතිවරයා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...