අද (15) සහ ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වර්ධනයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW :

දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය සහ අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද (15) සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ සඳහන් වන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 01.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර, දකුණු සහ උතුරු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තවද, ඊයේ රාත්‍රියේ සිට කොළඹ ප්‍රදේශයට ඇද හැලෙන තද වැසි හේතුවෙන් කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් ජලයෙන් පිරී ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...