ජනතාව බඩගින්නේ තියන්න හැදූ නන්දලාල්ගේ තීරණයක් ඇමති රිවස් කරයි !

0
8273

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක් විවෘත ගිණුම් ඔස්සේ ආනයනය කිරීමට අවසර ලබාදෙන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව ජුලි 01 වනදා සිට සහල්, පාන්පිටි, සුදු සීනි, රතු පරිප්පු, කිරිපිටි, ලොකු ළූණු, අල, වියළි මිරිස්, වියළි හාල්මැස්සන් සහ වටානා පරිප්පු යන ආහාර ද්‍රව්‍ය විවෘත ගිණුම් හරහා ආනයනය කිරීමට අවසර හිමිවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

විවෘත ගිණුම් ඔස්සේ ආනයනය කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා මීට සති කිහිපයකට පෙර කටයුතු කර තිබුණු අතර ඒ හේතුවෙන් ඉදිරියේදී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල විශාල හිඟයක් ඇතිවනු ඇති බවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් අනතුරු හඟවා ද තිබිණි. එහෙත් මහබැංකු අධිපතිවරයා ඒ කිසිවක් නොතකා මෙතෙක් කටයුතු කර තිබුණු අතර වෙළඳපොලේ භාණ්ඩ හිඟයක් මතුවෙමින් පවතිද්දී අවසානයේ අමාත්‍යවරයා මැදිහත් වී මෙසේ මෙම භාණ්ඩ ආනයනයට අවසර ලබාදී තිබේ.

RN