රත්නපුරෙන් රන් – පුත්තලමෙන් ලෝකඩ,ශ්‍රී ලංකාව දහවන තැනට එසැවෙයි

0
203

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 24,  කොළඹ LNW:

ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියකදී ශ්‍රී ලංකාව ජයගත් පළමු රන් පදක්කම දිනා දෙන්නට රත්නපුර ඇලොසියස් විද්‍යාලයේ ලහිරු අචින්ත සමත් වුණා.මෙහි නව වාර්තා වෙනුවට සඳහන් වන්නේ OCA Youth Games Best Mark” යන්නයි.එය ආසියානු ඔලිම්පික් කවුන්සිලය විසින් පවත්වන යොවුන් ක්‍රීඩා උළෙලට අදාළව කුමන හෝ මලල ක්‍රීඩා ඉසව්වක දක්වන දක්ෂතාවය ලෙස සැළකෙන අතර ලහිරු මීටර් 1500 ඉසව්වේ OCA Youth Games Best Mark හී පෙර හිමිකාරීත්වය දැරූ එලායා වලීඩ් වාර්තා කර තිබූ විනාඩි 4:00.91 අභිබවා විනාඩි 3:57.42 ක් වාර්තා කරමින් මීටර් 1500 ඉසව්වේ OCA Youth Games Best Mark හී හිමිකාරීත්වය තමන් සතු කර ගන්නට සමත් විය.


තරගාවලියට අදාළ අවුරුදු 14- 17 වයස් කාණ්ඩය සළකා නව තරග වාර්තා ලෙස නව වාර්තාවන් වාර්තා නොකර ඒවා OCA Youth Games Best Mark තරගාවලියේ ස්වභාවය වන අතර මීටර් 1500 තරගයේ දී ආරම්භයේ සිටම පෙරමුණ රැඳුණු ලහිරු,ෂා ලිහුආ එල්ල කළ අභියෝගය දරා ගෙන අවසානය වන විට ඔහුට වඩා තත්පර 1.31 න් පෙරමුණ ගනිමින් ශ්‍රී ලංකා පදක්කම් සටහනට ඓකිහාසික රන් පදක්කම එකතු කරන්නට සමත් විය.


ලහිරුට විනාඩි කිහිපයකට පෙර පැවති බාලිකා මීටර් 1500 තරගයේ දී පාළුවට ගොස් තිබුණ ශ්‍රී ලංකා පදක්කම් සටහන ඉදිරියේ පළමු පදක්කම සටහන් කළ පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහා විද්‍යාලයේ සනීපා ගිම්හානි ලෝකඩ පදක්කම දිනා ගත්තාය.විනාඩි 4:52.32 ක දක්ෂතාවයක් දැක් වූ සනීපා,මෙවර ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා දුන් ක්‍රීඩිකාව වන්නීය.ලහිරුගේ රන් පදක්කම සහ සනීපාගේ ලෝකඩ පදක්කම සමඟ සමස්ත පදක්කම් සටහනේ 10 වන තැන රැඳෙන්නට ඊයේ දිනය නිමා වන විට ශ්‍රී ලංකාවට හැකි විය.


තවත් රත්නපුරේන් අපේක්ෂා කර තිබූ පදක්කම් බලාපොරොත්තුවක් වූ ගොඩකවෙල කුලරත්න විද්‍යාලය නියෝජනය කළ කිසල් ඔෂඳ වැරදි ආරම්භයක් ලබා ගැනීම නිසා මීටර් 110 කඩුලු ඉසව්වෙන් ඉවත් කරන්නට යෙඳුණාය.රත්නපුර කහවත්ත මධ්‍ය මහා විද්‍යාලයෙන් තරග කළ සවිඳු සුදාරක ද තුන්පිම්ම ඉසව්ව නිමා කළේ මීටර් 14.16 ක දක්ෂතාවයක් දක්වමින්ය.ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය ලෙස සැළකෙන මීටර් 17.74 දක්වා ගියේනම් ඔහුගෙන් ද පදක්කමක් ලැබෙන්නට ඉඩ තිබිණ.


ශානුක කොස්තා මීටර් 400 ඉසව්වේ අවසාන තරගයට පිවිසෙන්නට සමත් විය.ඔහු සිය මූලික තරගය ප්‍රථමයා හැටියට නිමා කළේ තත්පර 47.79 ක දක්ෂතාවයකින්ය.මීගමුව ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සිසුවෙකු වන ශානුක අවසාන තරගයට පිවිස සිටින ක්‍රීඩකයින් මූලික තරගවලදී දක්වන ලද දක්ෂතා සළකද්දී දෙවැනි තැන සිටින්නේය.


එසේම ඊයේ බොක්සිං තරග සඳහා ඉදිරිපත් වුණ මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ජනිඳු ධනංජය කරට කර සටනකින් පසුව මූලික තරගය ජය ගත්තේ බංගලාදේශයේ අසදුල්ලා අලි පරාජයට පත් කරමින් 3-2 ක තීරක තීරණ මතය.එහිදී බ්‍රසීලය,කසකස්තානය සහ උස්බෙකිස්තානය නියෝජනය කළ තීරකවරුන්ගේ තීරණවලදී එක් ලකුණක වාසියක් ජනිඳුට හිමි වී තිබිණ.ඉතාලි තීරකවරයාගේ තීරණවලදී එක් ලකුණක වාසියක් හිමිව තිබුණේ අලිට ය.එහෙත් ජොර්දානය නියෝජනය කළ තීරකවරයා ලකුණු 3 ක වාසියක් අලිට ලබා දී තිබීම තරමක් අපැහැදිළි එකක් විණි.


වෙරළ වොලිබෝල් තරගවලදී දක්ෂතා දක්වමින් සිටි දිදුල මහිම සහ කුසල් දුල්මිණ ඊයේ දවසේදී ඉන්දුනිසියානු ක්‍රීඩකයින් වෙතින් ලකුනු 21 – 15 ක් සහ 21 – 11 ක් ලෙස පරාජයට පත් විය.සදිෂා දිල්රුක්ෂි සහ චමුදි ආදිත්‍යා කාන්තා වෙරළ තරග අංශයේදී කටාර් ක්‍රීඩිකාවන් දෙදෙනාට එරෙහිව 21 – 3 සහ 21 – 5 ක් ලෙස පහසු ජයක් වාර්තා කළහ.