සෙලෙන්ස්කිට තකට තක රුසියානු පාර්ලිමේන්තුවත් බබා උක්කුං වෙයි!

Date:

රුසියානු පාර්ලිමේන්තුවේ පහළ සභාවේ කතානායකවරයා යුක්රේනය යනු ‘ත්‍රස්තවාදී’ රාජ්‍යයක් බව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

රුසියානු රාජ්‍ය මාධ්‍යයක් වන ඩුමා වෙබ් අඩවියට අනුව, රුසියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ කථානායක ව්‍යාචෙස්ලව් වොලොදින් අද (05) දින පැවති පූර්ණ සැසිවාරයේදී මන්ත්‍රීවරුන් අමතා ප්‍රකාශ කර තිබෙන්නේ යුක්රේනය යනු ත්‍රස්තවාදී රාජ්‍යයක් බවයි.

එමෙන්ම, එම ත්‍රස්තවාදී රාජ්‍යයේ ත්‍රස්තවාදී ආණ්ඩුවේ ප්‍රධානියා යුක්රේන ජනපති වොලොදිමිර් සෙලෙන්ස්කි බව ද ඔහු පවසනවා.

යුක්රේනයේ රුසියානු ආක්‍රමණය ආරම්භ වී මාස හතර හමාරක් පමණ ගතවී ඇති මේ මොහොතේ දෙපාර්ශවය අතර සාම සාකච්ඡාවක් ඇතිවී හෝ යුද්ධයේ අවසානයක් ඇති බවක් තවමත් දක්නට නැහැ. ඒ වෙනුවට තම රාජ්‍යය උසස් බව ලොව ඉදිරියේ ප්‍රකාශ තබමින් අසරණ මිනිසුන් විනාශ මුඛයට ඇද දැමීමේ බිහිසුණු ක්‍රියාන්විතයක නම් දෙරටම නිරත වී ඇති බවක් තමයි දක්නට ලැබෙන්නේ.

මෙම යුක්රේන – රුසියානු යුද්ධය නිසා දෙරට අතර පමණක් නොව ගෝලීය වශයෙන් ද අර්බුද රැසක් මතුව තිබෙනවා. එසේ තිබිය දී අවධාන වෛශ්‍යාවන් මෙන් මෙවන් නන් දොඩවමින් දෙරට අතර යුධ උමතුවක් පවත්වාගෙන යාම සැබවින්ම ඛේදවාචකයක්!

ඡායාරූප: ඒපී

ප්‍රමෝද් චින්තක පීරිස් – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා බිමහෙළු නිවාස වෙනුවෙන් තට්ටු නිවාස ව්‍යාපෘතියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස...

බැඩිමින්ටන් දක්ෂයන්ට වැඩි වෙහෙසක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: මේ දිනවල ගල්කිස්ස ශාන්ත...

බාල ඖෂධවල වගකීමෙන් සෞඛ්‍ය ඇමතිට විනිර්මුක්ත වෙන්න බෑ – වෛද්‍ය චමල් ලේඛන සහිතවම පෙන්වයි

සටහන - රුවන් නෙළුගොල්ල බාල ඖෂධ සිද්ධියකදී දේශපාලනඥයින්ට එහි වගකීමක්...

වර්ණ ප්‍රදාන මාෆියාව නැවතීමට චනිත්මා තැනූ වේදිකාවට ගොඩ වෙන්න අගමැතිණියට ඇරයුමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: මේ වන විට සිරිමා...