නිශ්මං රණසිංහ නොවැම්බර් 14, කොළඹ LNW:
බෝම්බ පිපිරීම නිසා මේ රටේ ක්‍රිකට් තරග අතහැර ඉවත්ව ගිය කණ්ඩායම් ගැන අපි දනිමු.මේ එවන් සිඳුවීම් දෙකකි.
1987 දී, කොළඹදී සිදු වූ බෝම්බ පිපිරීමක් හේතුවෙන් නවසීලන්තය එම සිදුවීමෙන් දින කිහිපයක් ඇතුළත ඔවුන්ගේ තරඟාවලිය සම්පූර්ණයෙන්ම අවලංගු කළේය.
2001 දී, කොළඹ ගුවන්තොටුපළේ අලුයම ප්‍රහාරයක් නවසීලන්ත සංචාරයක් සමඟ සමපාත වූ අතර, එක් තරඟයක් දැඩි ආරක්ෂාවක් යටතේ පැවැත්වුණු අතර, කණ්ඩායමේ කොටස් ආපසු සිය රට බලා ගියේය.

රටක් හැටියට අප මේ ගැන කම්පා විය.එසේම අප අදටත් උජාරුවෙන් කතා කරන 1996 ලෝක කුසලාන තරගාවලිය ජය ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ යුදමය තත්ත්වය මත ශ්‍රී ලංකාවට පැමිණීමට ප්‍රතික්ෂේප කළ කොදෙව් සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම් සමඟ වූ තරගයේ ජයග්‍රාහකයන් සේ ශ්‍රී ලංකාව සළකන්නට හේතුව වූයේ ඉන්දියාවේ සහ පකිස්තානයේ බලපෑමය.මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට බාධාවක් නොමැති බව පෙන්වීමට පස මිතුරුකම් අමතක කර ඉන්දියාව සහ පකිස්තානය එක්ව වීල්ස් කණ්ඩායම හැටියට ශ්‍රී ලංකාව සමඟ ලංකාවේ තරග කළ පෙන්වීය.මේ තත්ත්වය නිසා 1996 ජයග්‍රාහී කණ්ඩායමට තරගාවලිය ඇරඹීමට පෙරම තරග දෙකක ජයග්‍රාහී ලකුණු සමඟ තරග බිමට පිවිසෙන්නට අවස්ථාව හිමි විය.එසේ නොවී සාමාන්‍යය මට්ටමෙන් දෙපිළට සමාන ලකුණු ලබා දුන්නානම් ශ්‍රී ලංකාව තරග බිමට පිවිසෙන්නේ මීට වඩා පීඩනයකින්ය.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තරගවලට බෝම්බ එල්ල වී අමාත්‍යවරුන්,ක්‍රීඩකයින්,පුහුණුකරුවන් සහ විනිසුරුවෝ එක පොකුරට මිය ගියහ.එය ඇස් පනාපිට දකින්නට තරම් මේ ලියුම්කරු අවාසනාවන්ත වූයේ එහි නිවේදක කටයුතු භාරව කටයුතු කළ බැවින්ය.ස්ථානය වැලිවේරියය.මියගියේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ නැමති දේශපාලකයා සමඟ මැරතන් කරූ,ලක්ෂ්මන් ද අල්විස් වැනි මලල ක්‍රීඩාවේ පතාක යෝධයන් වැනි මිනිසුන්ය.
එහෙත් මේ රටට ක්‍රීඩා කරන්නට පිරිස පැමිණීම සිඳු විය.
ලෝක ඉතිහාසයේ දරුණුම සහ ප්‍රකටම ක්‍රීඩාව ඉලක්ක කර එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය 1972 මියුනිච් ඔලිම්පික් උළෙලට එල්ල වූ එකය.එම ප්‍රහාරය මැඩ පැවත්වීමෙන් ඉනික්බිති ප්‍රහාරයේ සුන්බුන් මැද දැඩි ආරක්ෂාව යොදවා ක්‍රීඩා උළෙල පැවත්වීය.

මේ ආකාරයට ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කර 2009 දි පකිස්තානයේදී ම එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසානම් තරගාවලිය නැවතිණ.එය සාධාරණ වන්නේ ක්‍රීඩකයින්ට තුවාල සිඳුවීම නිසාය.මේ මොහොතේ පකිස්තානයේ තත්ත්වය පදනම් කරගෙන දේශපාලන වාසි බලාගෙන කතා කරන බොහෝ අය ජාත්‍යන්තර වශයෙන් තරගාවලිය අහෝසි කරන්නට කරන යෝජනාව තුළ පදනම්ව ඇත්තේ මේ සිඳුවීමය.එහෙත් වෙනස් උවමනාවන් ද ඒ අතර සඟවන්නට නොහැකි සේ මතුව පෙනෙන්නේය.ඒ අතරට මෑතකදී ඔවුන්ගේ ප්‍රධාන ලීගයට එල්ල වූ ප්‍රහාරය ද එකකි.
එහෙත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන්,ක්‍රිකට් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් මෙන්ම ආණ්ඩුව සම්බන්ධයෙන් ද දැඩි විවේචනයක් ඇති පිරිස් මේ වටා එක්වෙමින් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට කැඳවීමට බලපෑම් කිරීම ක්‍රිකට් ආදරයක් නොවේය.ප්‍රහාරයක් එල්ලවීමේ අවදානම මැද ශ්‍රී ලංකාවට ක්‍රිකට් කණ්ඩායමක් වශයෙන් නොව රටක් වශයෙන් සිය මිත්‍ර රට ආරක්ෂාව සම්බන්ධයෙන් දෙන විශ්වාසය පිළිගන්නට වන්නේය.ක්‍රීඩකයන් තානාපතිවරුන් යැයි පවසන්නේ ඔවුන්ට පැවරෙන ප්‍රධාන වගකීම බෝලෙට පිත්තෙන් පහරදීමම නොවන නිසාය.ක්‍රීඩකයන්ගේ දොර හිලටත් ඇස තියාගෙන සාප කරන පිරිස් මේ මොහොතේ ඔවුන්ට ආදරය කරන්නට ජීවිත බේරා ගන්නට මැදිහත් වන්නට පෙරට පැමිණීම තුළින් කුමක් අපේක්ෂා කළත්,රටක් නියෝජනය කිරීමේ වගකීමට ක්‍රිකට් නොවන භයානක තත්ත්වයන් හමුවේ වුව රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස කටයුතු කිරීමය.

ක්‍රීඩා උළෙලවල් සහ ක්‍රීඩා තරග ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර ගැන තවත් තොරතුරු පහත ඇත.ඒ තත්ත්වයන් තුළ යළිත් ක්‍රීඩාව ඉදිරියට යනු විනා පසුපසට ගමන් කිරිමක් අපේක්ෂා කළ නොහැකිය.සෙබළා සටනේදී සිය මරණය නොසළකා රට වෙනුවෙන් සටන් කරන අතර ඒ අදහසම පෙරදැරි කරගෙන තිසර පෙරේරා,චන්දිමාල් වැනි ක්‍රීඩකයින් යුද හමුදාවට එක්වෙද්දි රණවිරුවන් කළ ඇතැම් පිරිස් ඒ රණවිරු ගණයට ඇතුළු නොවුණු ක්‍රීඩකයින්ට කළ විවේචන පසෙකලා සැඟවී පලා ගොස් තමන්ට ක්‍රීඩාවේ ඇති රාජ්‍යතාන්ත්‍රික වගකීම පැහැර හරින්නට බල කරමින් සිටීම දේශපාලනිකව කුමන හෝ තත්ත්වයකදි ප්‍රයෝජන ගැනීමට බලා සිටීමක්ය.
1996 ඇට්ලන්ටා ඔලිම්පික් උළෙල සෙන්ටෙනියල් ඔලිම්පික් උද්‍යානයේ පැවති ප්‍රසංගයක් අතරතුර පයිප්ප බෝම්බයක් පුපුරුවා හරින ලද අතර, එක් අයෙකු මිය ගොස් තවත් සියයකට අධික පිරිසක් තුවාල ලැබූහ. එරික් රොබට් රුඩොල්ෆ් පසුව ප්‍රහාරය පිළිගත්තේ ගබ්සාව නීතිගත කිරීමට විරෝධය දැක්වීමේ අරමුණින් බව පවසමිනි.
2002 ක්‍රිකට් කණ්ඩායම්වලට එල්ල වූ ප්‍රහාර වෙනම සිදුවීම්වලදී, නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම නවාතැන් ගෙන සිටි පකිස්ථානයේ කරච්චි හි හෝටලයකට මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු පහර දුන්නේය (පුද්ගලයින් 14 දෙනෙකු මිය ගියේය), සහ රියල් මැඩ්රිඩ් එදිරිව බාර්සිලෝනා තරඟයට පෙර මැඩ්රිඩ් හි ක්‍රීඩාංගනය අසල කාර් බෝම්බයක් පුපුරා ගියේය.
2006 ඉරාක ක්‍රීඩකයින්ට එල්ල වූ ප්‍රහාර ඉරාකයේ බහුවිධ ප්‍රහාරවලින් ජාතික ටයිකොන්ඩෝ කණ්ඩායම පැහැරගෙන ගොස් ඇති අතර, වසරකට පසුව මළ සිරුරු 13 ක් සොයා ගත් අතර, ජාතික ටෙනිස් පුහුණුකරු සහ ක්‍රීඩකයින් දෙදෙනෙකු මිය ගියේය.
2010 ටෝගෝ පාපන්දු කණ්ඩායමට එල්ල වූ ප්‍රහාරය අප්‍රිකානු ජාතීන්ගේ කුසලානයට පෙර ඇන්ගෝලාවේ කණ්ඩායම් බස් රථයට තුවක්කුකරුවන් වෙඩි තැබූ අතර, සහකාර පුහුණුකරු, සන්නිවේදන නිලධාරියා සහ බස් රියදුරු මිය ගියේය.
2013 බොස්ටන් මැරතන් බෝම්බ ප්‍රහාරය අවසන් රේඛාව අසල පීඩන කුකර් බෝම්බ දෙකක් පුපුරුවා හරින ලද අතර, නරඹන්නන් තිදෙනෙකු මිය ගිය අතර තවත් 260 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
2015 පැරිස් ප්‍රහාර පැරිස් පුරා සම්බන්ධීකරණ ප්‍රහාරවල කොටසක් ලෙස, ප්‍රංශ සහ ජර්මානු ජාතික පාපන්දු කණ්ඩායම් ක්‍රීඩා කරමින් සිටි ස්ටේඩ් ඩි ප්‍රංශයෙන් පිටත ප්‍රදේශය මරාගෙන මැරෙන බෝම්බකරුවන් තිදෙනෙකු ඉලක්ක කර ගත්හ. ක්‍රීඩාංගණ දොරටුවේදී එක් සිවිල් වැසියෙකු මිය ගියේය.
ක්‍රීඩකයා ජාතික වස්තුවක් වන්නේ ජාතික වශයෙන් අභියෝගයක් ආ විට පළා යාමට සූදානම් වන්නේනම් නොවේය.රටක් නියෝජනයේදී අසීරු සහ තමන් අකමැති තීරණ ද ගන්නට වන බව රට නියෝජනය කරන ක්‍රීඩකයින් දත යුතුය.මේ තත්ත්වය මත රටක් සිය මිත්‍රශිලී රටකට ප්‍රති උපකාර දක්වන්නට ලැබෙන අවස්ථාව පැහැර නොහැර ඉටු කරන අවස්ථාවක් මතු වී තිබෙන බව පැහැදිළිය.
මීට වඩා විරුද්ධ අදහසක අර්ථය රටක් හැටියට ජාත්‍යන්තර සබඳතා බිඳුණු ආණ්ඩුවක් නිර්මාණය කර වාසි ලබා ගැනීමය.ඊට ඇහුං කං නොදෙන තත්ත්වයක ඊ ළඟ අපේක්ෂාව ක්‍රීඩකයින්ට අනතුරක් ප්‍රාර්ථනා කිරීමය.සමහර විට පවතින ආණ්ඩුව විපක්ෂයේ හිටියානම් මේ ආකාරයටම ක්‍රියා කරන්නත් ඉඩ තිබිණ.ලංකාවේ දේශපාලනයේ හැටි එහෙමය.ආණ්ඩුව ලෙස දේශපාලනය කිරීම සහ විපක්ෂය ලෙස දේශපාලනය කිරීම දෙකක්ය.මේ ආණ්ඩුවෙන්ම ඒ දේ පැහැදිළි කර ගැනීමට හැකියාව ඇත.විපක්ෂයේ සිටියදී දකින තරම් සුන්දර රූපයක් ආණ්ඩුවේ වූ පසු දකින්නට නොලැබීමේ ඛේදවාචකයේ එක් මොහොතක් මේ මොහොතේ පකිස්තාන සංචාරය අවලංගු කරන්නට කරන ඉල්ලීම් තුළ දකින්නට ඇත.ඉන් එහා දෙයක් නැත.අපි නිඳුක් නිරෝගීව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පකිස්තාන තරගාවලිය අවසන් කර ජයග්‍රාහීව පැමිණිමට හැකිවේවා යැයි සුබ පතන්නෙමු.ලෝකයේම අවධානයට ගෞරවයට පාත්‍ර වූ ලාංකේය යුද හමුදාව,විශේෂ කාර්ය බලකාය වැනි ආරක්ෂක අංශවල ශක්තිය නිර්මාණය කරන්නට බෙහෙවින් දායක වූ පකිස්තානයේ ආරක්ෂක අංශවල හැකියාව ගැන විශ්වාසය තැබීම හැර රාජ්‍යතාන්ත්‍රිකව කළ හැකි වෙනත් හොඳම දෙයක් ඉතුරු වී නැත.
එසේම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැදී සිටීමේ තීරණයට එළැඹි පසුව ඔවුන් දිනා ගෙන ඇති ගෞරවය සහ පිළිගැනීම ක්‍රිකට් ක්‍රීඩා කිරිමෙන් අත්පත් කර ගත් ගෞරවයට සහ පිළිගැනීමට වඩා වෙනස්ය.එය රටකට රටක ආදරය දිනා දුන් පුද්ගලයෙක් බවට පත් කර ඇත.ඇතැමෙක් අදහස් දක්වන්නේ පකිස්තානයම ශ්‍රී ලංකාවට ණය ගැතිය වැනි අදහසකින්ය.
පන්ජාබ් ප්‍රාන්ත සභාවේ මන්ත්‍රීනී හිනා පර්වේස් දක්වන අදහස මේ අතරින් වැදගත්ය.
//ලබා ගන්නා සෑම ලකුණක්ම ත්‍රස්තවාදයට එරෙහිව ජයග්‍රහණයකි. අප සමඟ ශක්තිමත්ව සිටීම ගැන ශ්‍රී ලංකා කණ්ඩායමට ස්තූතියි. ඔබේ ධෛර්යය සහ හවුල්කාරිත්වය සාමය සැමවිටම ජය ගන්නා බව අපට මතක් කර දෙයි.//
අදත් උතුරේ සිටින්නේ ත්‍රස්තවාදීන් යැයි සිතා කටයුතු කරන,ඔවුන්ගේ මානුෂික අයිතීන් ලබා දීමට පවා විරුද්ධව අදහස් දක්වමින් ජාතිවාදී දේශපාලනයක් කරන අතරේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වමින් කණ්ඩායම කැඳවන්නට බල කරන කණ්ඩායම්වල ත්‍රස්ත විරෝධය වඩාත් උස් තැනක තබන්නට හිනා පර්වේස් මඟ පෙන්වා ඇත.
සෑම ලකුණක්ම ත්‍රස්තවාදයට එරෙහිව ජයග්‍රහණයකි ඒ වටා එක්ව ශ්‍රී ලංකා කණ්ඩායමට ජය පතන්න – දිරිය දෙන්න.

