තරු පංතියේ හෝටල්වලත් දර ලිප් දැල්වෙයි

Date:

ගෑස් හිගය හේතුවෙන් මේ වනවිට සාමාන්‍ය ජනතාව, සාමාන්‍ය ව්‍යාපාරිකයන් පමණක් නොව සුපිරි පන්තියේ හෝටල් ද අර්බුදයට ගොස් තිබෙනවා. ඒ හෝටල්වල භාවිතය සඳහා ප්‍රමාණවත් ගෑස් තොග සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙනි.

සාමාන්‍ය ජනතාව ආහාර පිසීම සඳහා දර හෝ භූමිතෙල් භාවිතා කිරීමට යොමු වී ඇති නමුත් මහා පරිමාණ හෝටල් හිමියන්ට එවැනි විකල්ප ක්‍රම භාවිතයද අර්බුදයක් වී තිබේ. ඒ විකල්ප ක්‍රමවේද සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙනි.

කෙසේ නමුත් මේ වනවිට කොළඹ ගෝල්ෆේස් හෝටලය ඇතුළු ප්‍රමුඛ පෙළේ හෝටල්වලද දර භාවිතයෙන් ආහාර පිසීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මාස කිහිපයක සිට රට පුරා විශාල ගෑස් හිගයක් පවතින අතර ඊට පිළියම් යෙදීමට ගෑස් සමාගම් තවමත් සමත් වී නොමැත. එම සමාගම් පවසන්නේ අවම වශයෙන් තවත් සති තුනක කාලයක් පමණ ගෑස් හිගය පවතිනු ඇති බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් පාලන කොමසාරිස්ගේ අභිමතයට අභියෝග කරන්න හැකියාවක් නැහැ – මැ. කො ප්‍රශ්නය විසඳයි!

කොළඹ LNW:පළාත් පාලන ආයතනවල සභාපතිවරු සහ උපසභාපතිවරු තෝරා ගැනීමේ...

මිලාන් රත්නායකට එක්දින වරම්…?

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: අද දිනයේ පැවත්වෙන් ශ්‍රී...

ඩේසි ෆොරොස්ට් සහ යෝෂිතට අධි චෝදනා භාර දෙයි!

රෂිකා හෙන්නායක ජූලි 02, කොළඹ LNW : අද (02) දින...