මාවිල්ආරු වැවේ බැම්ම බිදී යයි: 121 දෙනෙකු යුධ හමුදාව විසින් මුදවා ගනී..

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ LNW :

මාවිල්ආරු වැවේ බැම්ම බිඳී තිබීම හේතුවෙන්, මේ වනවිට මාවිල්ආරු ප්‍රදේශය අනතුරුදායක තත්ත්වයක පැවතීම හේතුවෙන් වහාම ආරක්‍ෂිත ස්ථාන කරා යොමු වන ලෙස දැනුම්දී තිබේ.

අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයකින් දැනුම්දී ඇත්තේ, ජනතාවට හැකි හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසයි.

ඒ අනුව ශ්‍රී ලංකා යුධ හමුදාවෙ විසින් මේ වනවිට 121 ක් දෙනෙකු ඉන් මුදවාගෙන ඇති බවද වාර්තා වේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ සහ රාජ්‍යයන්ත්‍රණය මේ වන විට මැදිහත් වෙමින් තිබෙන බව වාර්තා වේ.

තවද, කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පැවති කාලගුණ තත්වය හේතුවෙන් මාර්ගය දෙපස පිහිටි ගස් මාර්ගයට කඩාගෙන වැටුණු අවස්ථා කිහිපයක්ම වාර්තා වූ අතර. බැඳිවැව සහ පොළොන්නරුව දීප උයන ඉදිරිපිට මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වන පරිදි ගස් කඩා වැටීමෙන් වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.

පොළොන්නරුව මහා නගර සභා පුරපතිගේ උපදෙස් මත පොළොන්නරුව මහා නගර සභා ගිනි නිවීමේ ඒකකයේ පුර්ණ මැදිහත් වීම සමගින් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ මහා මාර්ග දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් එම බාදක ඉතාමත් කෙටි වෙලාවක් තුළ මාර්ගයෙන් ඉවත් කර වහාන ගමනා ගමනයට සුදුසු තත්වයට සකසා දීමට හැකියාව ලැබී තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි 30ක මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් කෝටි 30කට අධික වටිනාකමින් යුත්...

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...